මොනවද ඇස ඇතුලේ පාවෙන මේ පුංචි කැබලි? | What Are These Little Pieces Floating In The Eye?

Sdílet
Vložit
  • čas přidán 26. 08. 2024
  • ඇස් වල කෑලි පාවීම බොහෝ දෙනාගේ තිබුණට ඒ ගැන වැඩි අවධානයක් නැතිකම විවිධ ප්‍රශ්න ඇති කිරීමට මූලික හේතුවකි. සමහර අයට මෙම කැබලි මොනවාද යන්න නිවැරදි අවබෝධයක් නැත. මෙය ඇසේ ඉදිරි කාලයකදී ඇතිවිය හැකි විශාල ප්‍රශ්නයකට කලින් ලබාදෙන අනතුරු ඇඟවීමක් වැනි දෙයකි.
    ඇස තුළ ඇති කාච රසය නමැති ප්‍රදේශයේ මෙය ඇතිවේ මේවාට අප පොදුවේ eye floaters ලෙස හඳුන්වයි.
    මීට අවුරුදු කිහිපයකට පෙර වයස්ගත වීමේදී මෙය ඇතිවීම ප්‍රධාන වශයෙන් සිදුවුවද, බාල තරුණ අය ගේ ඇස් වලද මෙම ෆ්ලෝටර්ස් ඇතිවීමේ තත්ත්වය උදාවී ඇත.
    මිනිසුන්ගේ ඇඟ ඇතුලේ සිදුවන නොයෙකුත් ලෙඩ නිසා සහ. කායිකව ඇතිවන තත්ත්ව නිසාත් මෙම කුඩා ෆ්ලෝටස් ඇතිවීම සිදුවේ.
    දුර නොපෙනීමේ තත්ත්ව දියවැඩියාව රුධිර නාල අවහිරවීම ඇසේ පටක කොටස් ගැලවී යෑම හෝ ඉදිමීම වයස්ගත වීම ආදී ලක්ෂණ බොහොමයක් මෙම ෆ්ලූටර්ස් ඇතිවීමට බලපායි.
    එම නිසා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් යුක්තව සොයාබැලීම සිදුකළ යුතුය. නැතහොත් ඇසේ පෙනීමේ ආබාධ හෝ සම්පූර්ණ අන්ධභාවය ඇතිවන තත්ත්ව ඇතිවිය හැක.
    කුඩා ප්‍රෝටීනමය කෙඳිති වලින් ඇතිවන හෙවනැල්ල දෘෂ්ටිවිතානය මත පතිත වීම නිසා මෙම ෆ්ලූටර්ස් ඇතිවේ. මේවායේ ප්‍රමාණයන් සහ හැඩ විවිධ ආකාර විය හැක. ඇස තුළ පෙනෙන්නට ඇති රූටස් ක්‍රම ක්‍රමයෙන් ප්‍රමාණයෙන් වැඩි වේ නම් එය ඉතා ඉක්මනින් ඇස පරීක්ෂා කරගත යුතු අවස්ථාවකි
    මනා අක්ෂි විද්‍යාත්මක දැනුමක් හා පුහුණුවක් ඇති සායනික දෘෂ්ටිවේදියෙකු ලබා හෝ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු ලවා මෙම පරික්ෂා කර ගැනීම සිදුකළ යුතුය. සාමාන්‍යයෙන් වැඩිපුර දෙනා සිදුකරන ඇස් කන්නාඩි පරීක්ෂාවක් වැනි දෙයකින්. මෙම පාවෙන කුඩා අංශු මගින් ඉදිරියේදී ප්‍රශ්නයක් ඇතිවේද නැද්ද යන්න හඳුනාගත නොහැක
    සමහර අවස්ථාවලදී මේ පාවෙන කුඩා කොටස් කිසියම් වූ රෝගී තත්ත්වයක් ඇති නොකර අහිංසක ස්වභාවයෙන්ම රැඳී සිටීම. නමුත් මේ මගින් යම්කිසි ආබාධ තත්ත්වයක් ඇති කරයි නම් ඒ සඳහා අක්ෂි සල්ලි වෛද්‍යවරයෙකුගේ අනුදැනුම මත ලෙස ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම සිදු කළ යුතුය
    Many people have floating pieces in their eyes, but not paying much attention to it is the main reason for causing various problems.
    Some people do not understand exactly what these pieces are. This is like an early warning of a big problem that may arise in the future.
    This occurs in the area of ​​the lens inside the eye, which we commonly call eye floaters.
    A few years ago, this mainly occurred in the aging population, but the condition of having these floaters in the eyes of younger people has also arisen.
    Due to various diseases that occur inside the human body and. Physiological conditions also cause this small floaters.
    Nearsightedness, diabetes, blocked blood vessels, detachment or swelling of the eye tissue, aging, etc., can cause these flutters to occur.
    Therefore, it should be investigated with more attention in this regard. Or vision problems or total blindness may occur.
    These flutters are caused by the shadow cast by tiny proteinaceous fibers falling on the retina. These can be of various sizes and shapes. If the ruts that appear in the eye gradually increase in size, it is an opportunity to have the eye checked very soon.
    This examination should be done by a clinical optometrist with good ophthalmological knowledge and training or by an ophthalmic surgeon. Usually with something like an eyeglass test that most people do. These small floating particles cannot tell whether or not there will be a problem in the future
    Sometimes these small floating parts remain innocent without causing any disease. But if this causes any kind of disability, treatment or surgery should be done on the advice of an eye doctor.
    Thank you
    #EYE & VISION #eyecare #healthy #floaters
    EYE & VISION Facebook Page - / akloeyecare
    නවීන පහසුකම් සහිතව සායනිකව ඇස් පරීක්ෂාවක් කරගැනීම සඳහා - 0112164677

Komentáře • 1,2K

  • @eyeandvision22
    @eyeandvision22  Před 3 měsíci +164

    බලන ගමන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. "මෙහි" මුලික අරමුණ දැනුවත් කිරීම පමණි. යම් අක්ෂි ශල්‍ය වෛද්‍ය වරයෙකු විසින් ඇස බලා අනතුරක් නැහැ කීම ප්‍රමාණවත්.සියල්ල විස්තර කිරීම අවශ්‍ය නැහැ.

    • @purelove2575
      @purelove2575 Před 3 měsíci +3

      මගේ අයියගෙ කණීකාවම සුදු පාට බෝලයක් වෙලා චෙක් කරාම කිව්වා දෘෂ්ටි විතානෙ බිඳිලා ඇවිත් ඇතුලට කියල.එයාලා කිව්වෙ හොඳ කරන්න බැ කියල එයාට දැං එක ඇහැයි පේන්නෙ.මෙකට විසඳුමක් ඇත්තෙම නැද්ද 😢😢

    • @user-gf2mp1ws4o
      @user-gf2mp1ws4o Před 3 měsíci +2

      doctor ge nos damma

    • @SumangalaSumangala-qg8mk
      @SumangalaSumangala-qg8mk Před 3 měsíci

      I​@@purelove2575

    • @Chandima-qt9zx
      @Chandima-qt9zx Před 3 měsíci +1

      A unata dan a kaali gathiya wadi.kalu paatai

    • @jksjskjysranasingha6475
      @jksjskjysranasingha6475 Před 3 měsíci

      මරු මාකටින් පාර

  • @user-lq8qz9pk4c
    @user-lq8qz9pk4c Před 3 měsíci +665

    මම පුන්චිකාලේ හිතුවේ මට ක්ෂුද්‍ර ජිවින් පේනවා කියලා😂😂😂

  • @sudesh8229
    @sudesh8229 Před 3 měsíci +6

    ඉතාම වටින දේශණයක්! ඔබට ස්තුතියි! 🙏

  • @sajanigamage4622
    @sajanigamage4622 Před 3 měsíci +8

    School යන කාලේ මේක මටත් තිබුණා.මං හිතන් හිටියේ මට කාටවත් පේන්නේ නැති දේවල් පේනවා කියලා.මම පාසලේ ගුරුවරයෙකු සමග එක්තරා පාඩමකදීත් මම ඔහුගෙන් ඇසුවා එහෙම පේන්නේ පරමාණුද කියලත් 😂😂මම කිව්ව දේට හැමෝම හිනා වුණා..එහෙම වෙන්නේ නෑ කිව්වා.A/L කාලයේදී මම කණ්ණාඩි නොදැම්මත් මේ වනවිට මම කණ්ණාඩිය පලදින්නේ නැතුව ඉන්න බැරි කෙනෙක්.පෙනීමේ දුර්වලතාවයක් තදින්ම තියෙනවා.ඇත්තටම ස්තුතියි ඔබතුමාට

    • @user-zc6zs3gt9p
      @user-zc6zs3gt9p Před 3 měsíci

      🤣🤣🤣🤣🤣ඒකට මටත් හිනහ

  • @pcguidelk
    @pcguidelk Před 3 měsíci +17

    පුංචි කාලෙ අහස දිහා බලද්දි මේ ඇහැ ඇතුලෙ පාවෙන කෑලි - ඒ වගේම එහා මෙහා යන energy lines පේන එක තව කෙනෙකුට පේනවද? මේක Doctor කෙනෙකුට කියන්න ඕනද කියල හිතුව. ඒ 1990 ගණන්වල. දැන් internet එකත් එක්ක Doctor කෙනෙකුට මේ දැනුම බෙදාගන්න වගේම අපට ඕන වෙලාවක මේක බලන්න පුළුවන්. 1990 - 2024 - තව අවුරුදු 10කින් අපිව කොහෙට ගිහින් තියෙයිද?

  • @Minipurakelum-uw6ns
    @Minipurakelum-uw6ns Před 3 měsíci +5

    කාලය නාස්ති නොකර හොදින් පැහැදිලි කිරීම කරනව ගොඩක් වටිනා කරුනු ගොඩක් දැනගත්ත බොහොම ස්තූතී

  • @shimlaa9450
    @shimlaa9450 Před 3 měsíci +8

    ඔබතුමා ඔය කියන දේ මට පොඩි කාලෙ ඉදන් තියෙනවා
    සාමාන්‍යයෙන් මට අවුරුද්දට දෙපාරක් තුන්පාරක් පාරක් ඕක පේනවා. මන් නම් ලොකුවට ගණන් අරං නෑ. දැන් අවුරුදු 38ක් වෙලත් එහෙම ලොකුවට කිසිම දෙයක් නෑ.. හැබැයි මෙච්චර කාලෙකට මේ තත්වය පිලිබදව දැකපු එකම video එක සහ දැකපු එකම සාකච්ඡා ව මේක තමයි . ඔබතුමාට ස්තූතියී 🙏 🙏 🙏

  • @shiromiamarasinghe4507
    @shiromiamarasinghe4507 Před 3 měsíci +2

    මටත් අවුරුදු 30 ක් විතර තිස්සෙ මේක තියනවා. ඒක එහා මෙහා යනවා. ගොඩක් පේනවා . මම කුඩා කාලේ මේවා කොලවල අදිනවා. ගොඩක් වෙලාවට මේවා පේන්නෙ දම්වැලක් වගේ එකතු වුන පනුවෙකුගෙ හැඩයක්. ගොඩක් ස්තුති Doctor

  • @ramanikumari3144
    @ramanikumari3144 Před 3 měsíci +5

    මම කුවේට් එකෙන් .ඔබතුමාගෙ වැඩ සටහනින් පස්සෙ ඉක්මනට කුවේට් පුද්ගලික රෝහලකින් පරික්ෂණයෙන් පසු ප්‍රහිකාර ගත්තා .දැන් දවසට දෙපාරක් බෙහෙත් දානවා .කුවේට් doctor කිවේ දැනගෙන දවස් හතරකින් නිසා සුවකල හැකි යි කියලා .ලොකු නවීන මැෂින් දෙකකෛන් පරික්ෂා කරා ...ඔබතුමාගෙ youtube එකෙන් බලපු නිසා තමයි ..මම ඉක්මන් උනා ..කුවේට් doctor කිවේ සාමන්‍ය සිදුවන දෙයක් කියා .ස්තුති යි

  • @chathudlk6389
    @chathudlk6389 Před 3 měsíci +7

    පොඩි කාලෙ නම් හරියට තිබුණා. ඒවා බලන්න ඕන නිසාම අහස දිහා බලාගෙන ඉන්නවා

  • @PRO_VAIBE
    @PRO_VAIBE Před 3 měsíci +4

    මට මෙච්චර කල් තිබ්බ ලොකුම පර්‍රෂ්නයක් ඔබට බොහොම ස්තූතිය්

  • @leelaperera1700
    @leelaperera1700 Před 3 měsíci +1

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ඔබතුමාට බොහොම ස්තූතියි. නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.

  • @tharumagaastro5332
    @tharumagaastro5332 Před 3 měsíci +5

    මට දියවැඩියාව , ප්‍රෙශර් නෑ ,
    දැං වයස 50 යි.
    මේ විස්තරය මට වටින්නෙ රෝගයක් අවබෝධ කරගත් කමක්, doctor කෙනෙකුටම වෙන්න ඇති ,
    වසර 18 කට විතර පෙර සිට මට ඕක තිබෙන්නෙ ,
    ඒක වෙන්න හේතුව
    මං ජීවිතේම නින්ද අඩු කෙනෙක් නිසා
    මට හිතුන ඇති වෙන්න නිදාගන්න ,
    මං පැය 38 ක් නිදාගත්ත ,(කඩෙන් ගෙන්වන් කෑමට, සහ toilet දෙවාරයක් වගේ නැගිට්ට)
    දවස් දෙකකට ආසන්න කාලයක් නිදාගන අවදිවෙලා ඉද්දි තමා කෑලි ගොඩක් පාවෙන්න ගත්තෙ , මං කොලඹ මහ රෝහලේ අක්ශි සායනයට ගියා , එහිදී හුගක් පරික්ශා කරල කිව්ව
    Normal ...කියල , බෙහෙත් දුන්නෙ නෑ , තාමත් තියෙනවා
    අද වෙනකොට ටිකක් අඩුද නැත්නම් ඒකට හුරු වෙලාද දන්නෙ නෑ,
    මට කියන්න තිබෙන්නෙ ඕනවට වඩා ඇස් වෙහෙසවන්නත් ඕනවට වඩා නිදාගන්නත් එපා කියලයි. ඇස්වලට ව්‍යායාමත් කරන්න

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Před 3 měsíci +3

    මට ඒක අවුරුදු 40 දී. ඉදලාම. තියෙනවා. දැන්. අවුරුදු. 64. පෙනීම වයස. අනුව. හොඳයි ඒත්. ලංකාවට. ආවාම. මගේ ඇස්. පරික්ෂා කර ගන්න ඕන. දැන්වත්. කළාට. ඩොක්ටට. ගොඩක්. පිං. ඒවාගේම. ඔබටත්. පවුලේ සෑම සියලු දෙනාටමත්. සියළුම ලෝසතුනටත්. නිදුක් නිරෝගී සුවය ලැබී. අජරාමර නිවනම. අවබෝධ වේවා. ජයශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි සතර වරම් දෙවි පිහිටයි තුණුරුවන්ම. සරණයී !

    • @priyadarshanihettiaracchi9198
      @priyadarshanihettiaracchi9198 Před 3 měsíci

      සියළුම ලෝසතුන්. නිදුක් නිරෝගී සුවයෙන්. වාසය. කරත්වා !❤❤❤

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 Před 3 měsíci

      Mata oya leda teyanawa.matame lede gena keyanna taranna netuwa heteya

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 Před 3 měsíci +1

    තෙරුවන් සරණයි. ඔබ තුමාට දීර්ගායු ලැබේවා.

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 Před 3 měsíci +1

    මේ වගේ කැබලි මගේ දකුනු ඇසෙත් පෙනෙනව.දැනුවත් කලාට බොහොම ස්තුතියි වෛද්‍යතුමනි

  • @KapilaAththanayaka-pc3cb
    @KapilaAththanayaka-pc3cb Před 3 měsíci +4

    මට පොඩි කාලේ ඉඳලම මේ වගේ වේදනාකාරී පිඩාවට ලක් උනා..අවුරුදු ගාණක් බෙහෙත් ලබා ගත්තත් කිසිම සඳහනක් ලැබුණේ නෑ.
    නමුත් මට හිතුනා බඩ සුද්ද වෙන්න බෙහෙත් මාස 3 වරක් මම ගන්නවා..දෙවියන්ට පින් සිද්ධ වෙන්න අවුරුදු ගාණක් වෙනවා මට නැවැතත් මේ ලෙඩේ ආවේ නේ...

  • @desireewijesinghe3156
    @desireewijesinghe3156 Před 3 měsíci +9

    තත්පරෙන් තත්පරේ වෙනස් වෙන මේ ශරීර කූඩුවේ ඇහැ විතරක් වෙනස් නොවී තියෙයිද?

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 Před měsícem +2

    ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමනි.

  • @user-jb5tw4fo9b
    @user-jb5tw4fo9b Před 3 měsíci +2

    මට දැනගන්නට ම ඕනවූ කරුණක් ..බොහොම ස්තුතියි .

  • @slbrighttv414
    @slbrighttv414 Před 3 měsíci +6

    පොඩි කාලේ ඉඳන් තිබ්බ ලොකු ප්‍රශ්නයක් අද wisaduna😂thanks doctor

  • @sanjayaperera4040
    @sanjayaperera4040 Před 3 měsíci +16

    මට දැන් 39යි, මට අවුරුදු 12 ටත් කලින් ඉදන් ඕවා පේන්න ගත්තෙ. තාමත් පේන්නෙ ඒ කාලෙ පෙනුන සෙට් එකමයි. දැන් ඒව සාමනය නිසා ගනන් ගන්නෙ නැහැ. මම ගිය අවුරුද්දේ ඇහැ සම්පූර්ණයෙන් චෙක්ක් කර ගත්‍තා eye surgent doctor කෙනෙක්ට කියල, ඇහැ ඇතුල අවුලක් නැහැ කිව්වා

    • @kalinduedirisingha8533
      @kalinduedirisingha8533 Před 3 měsíci +1

      Man kalindu..matat oya problem eka podi kale idan tiyaneva. Mate dan 20.doctors la normal kivva

    • @akalankakasun2281
      @akalankakasun2281 Před 3 měsíci +1

      මටත් එමමයි ✋😅

    • @slbabytv729
      @slbabytv729 Před 2 měsíci +1

      මටත් එහෙම්මයි

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt Před měsícem +1

    ඔබගේ වැඩ සටහනට ගොඩක් ස්තුතියි

  • @aruniperera9811
    @aruniperera9811 Před 3 měsíci +1

    ගොඩක් ස්තූතියි. මේ තත්ත්වය මගේ එක් ඇසකත් තියෙනවා. ඔබගේ විස්තර කිරීම වටිනවා.

  • @prasathdharmadasa1559
    @prasathdharmadasa1559 Před 3 měsíci +9

    ඇත්තටම මම හිතුවෙ මෙච්චර කල් මෙක මට විතරක් තියෙන දෙයක් කියල....දෙයියනේ

  • @gbsis7843
    @gbsis7843 Před 3 měsíci +20

    මම නම් නිකන් ඉන්න වෙලාවට TV එකේ කතාවක් බලනවා වගේ ඒ කෑලි බලනවා😂😂

  • @thusharifernando2620
    @thusharifernando2620 Před 3 měsíci +2

    ගොඩාක් ස්තුතීයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Před 3 měsíci +2

    මමත් මේ තත්වයෙන් පීඩා විඳින්නෙක්. ඉතාම වටිනා විඩියෝවක් ගොඩාක් ස්තූතියි සර්.

  • @user-jo7qg9ix2h
    @user-jo7qg9ix2h Před 3 měsíci +11

    ඕනෑවට වඩා හිතලා අහක යන නයි ඇගේ දාගන්න එපා කියලා තමා මට කියන්න තියෙන්නේ

    • @espace01010
      @espace01010 Před 3 měsíci

      ඔව් බන් තව පශ්නයක් එකතු වුණා 😅

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 Před 3 měsíci +3

    වටිනා උපදෙස් ටිකක් 👍

  • @ramaniperera3556
    @ramaniperera3556 Před 3 měsíci +1

    ස්තුතියි සර් සුවපත් දීර්ඝායුෂ ඔබතුමන්ට ලැබේවා !!! මටත් මෙවැනි තත්වයක් තියනවා මටත් කණ්නාඩියක් තමයි දුන්නෙ.

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt Před měsícem +1

    බොහොම ස්තුතිය ඔබගේ වැඩ සටහනට

  • @user-fh9fj4qr2z
    @user-fh9fj4qr2z Před 3 měsíci +3

    Thank you Dr.

  • @seemabags7618
    @seemabags7618 Před 3 měsíci +6

    මම මේක අන්තිම වෙනකන් බැලුවා..ඒ , මේ ලෙඩේ හැදෙන්නේ කොහොමද ? මේ වගේ තත්වයන් ඇති නොවෙන්න මුල ඉදලා කරන්න ඕන මොකක්ද ? කියලා උපදෙසක් දෙයි කියලා..
    හැබැයි , මේ කපටි මනුස්සයා අන්තිම වෙනකං ඒ ගැන කිසිම සදහනක් නොවෙන්න බලාගත්තා... අපිට ඇසේ පොඩි වෙනසක් ඇති උනත් අපි ඩොක්ටර් කෙනෙක්ව බලනවා... ඒක සාමන්‍ය දෙයක් ...
    මේ වගේ ව්‍යාපාර අදහස් ඇතුව විතරක් උපදෙස් දෙන අය ගාවට යන්නෙත් නෑ..
    ආයෙත් මේවා බලන්නෙත් නෑ...

    • @nethahinsa3570
      @nethahinsa3570 Před 3 měsíci +1

      ස්තූතියි ඔයාට. වීඩියෝ එක බලන් නැතුව අතෑරලා දැම්මා මම . ඒක සාමාන්‍යය දෙයක් කියලා හිතලා සැකේට කමෙන්ට් කියෙව්වේ. ඒක හොදට ගියා 😊

  • @amaratungah.a6615
    @amaratungah.a6615 Před měsícem +1

    දැනුවත් කිරිම ගැන ඔබට ස්තුතියි

  • @jayanthiperera9111
    @jayanthiperera9111 Před 3 měsíci +1

    ඔබතුමාට බොහොම ස්තුතිය අපිව දැනුවත්කරාට

  • @maleeshadeshan6311
    @maleeshadeshan6311 Před 3 měsíci +22

    මන් හිතුවෙ මට විතරයි එහෙම පේන්නෙ කියලා 😂😅

    • @dogswatch1
      @dogswatch1 Před 2 měsíci

      Guli kawama matath penawa kali

    • @film5092
      @film5092 Před měsícem +1

      Math😅😅😅😅

  • @manjulasaman8111
    @manjulasaman8111 Před 3 měsíci +6

    මං ඕක බලන්න හරි ආසයි, අව්ව වෙලාවට ඇස් පියාගෙන ඒව එහෙමෙහෙ යන හැටි බලන් ඉන්නව 😂

  • @lalivith508
    @lalivith508 Před 3 měsíci +2

    ඔබ ඉතාමත් නිවැරදිව පැහැදිලිව ප්‍රකාශ ඉදිරිපත් කලාට ස්තුතියි.
    ඔබ කාලය කා දැමුවෙ නැහැ වැල්වටාරම්‍ කියමින්.
    නිතරම ඇස් කසන්නේ ඇයි
    ඒ සදහා eye drops ලබා දුන්නත් ටික දවසකින් නැවතත් කසනවා ඒ වගේම උදය කාලයේ නැගිටිනකොට කුඩු වැනි යමක් ඇසේ වටා ලිඩ්‍ එක වටා තිබෙනවා.
    ඇයි ඒ සහ ප්‍රතිකර්මයක් නැතිද
    ඒවගේම cataract surgery එකක් කොට වසර 3 න් පමන නැවත ඇසේ පඨලයක් සෑදි එය lazes මගින් ඉවත් කලා.
    එසේ වන්නෙන් ඇයි

  • @maleehansika888
    @maleehansika888 Před 3 měsíci +1

    මමත් 2013 ඇසට ලෙන්ස් දැම්මා සුද ඇවිත් ..අවුරුදු 36..දැන් ඒ විදියට පේනවා ඇහේ..අවුරුදු ගානක්..කන්නාඩි දාන්න කිවා.නිතරම දාන්නෙ නෑ.බොහොම ඉස්තූති ඩොක්ටර්.🇦🇪🙏.🙏

  • @tk-uk1pv
    @tk-uk1pv Před 2 měsíci +7

    දැක්කත් කවදාවත් කාටවත් කියලා නෑ... හොයන්න ඕනේ කමකුත් නෑ.... අන්තිමට අහම්බෙන් දැක්කේ....🎉😅

  • @lakshmiphillips4193
    @lakshmiphillips4193 Před 3 měsíci +7

    මටත් ඒ දේ වෙනව කාලයක පටං..ඒත් නිතරම නොවේ.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Před 3 měsíci +2

    ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏✍️✍️✍️

  • @indikani6309
    @indikani6309 Před 3 měsíci +2

    Watinama video ekak. Mageth godak kal idan thiyanawa thanks b.s. doctor

  • @salikakelum3042
    @salikakelum3042 Před 3 měsíci +5

    මේවා නොදැකපු එකෙක් හිටියොත් ඒ ගෙදරින් අබමිටක් අරන් එන්න.. කොහොම උනත් වටිනා දැනුවත් කිරීමක්..

  • @express6468
    @express6468 Před 3 měsíci +9

    මටනම් ඔහොම හැම තැනම පේන්නේ නෑ. දවල්ට අහස දිහා බැලුවොත් විතරයි පේන්නේ. ඇහැ පැත්තට අරගෙන අරගෙන යනකොට ඒකත් struck වෙවී ඇහැත් එක්කම යනවා අපි බලන පැත්තට. එක දිගට ඒක දිහා බලන් ඉන්න බෑ. එහෙම බලන් හිටියොත් ඒක හෙමීට පහලට පාත් වෙනවා.හෙන කාලයක් ඉඳලා පේනවා. මන් නම් ගනන් ගන්නේ නෑ ඕක. ඕනාවට වඩා හිතන්න ගියාම තමා අව්ල. මටනම් හැම වෙලේම පේන්නේ නෑ. දවල්ට අහස දිහා බැලුවොත් විතරයි පේන්නේ ඒක. 4න් එකනම් අවුරුදු ගානක ඉඳලා බලනවා නිතරම. මට මේක තියෙන්නේ පුන්චි කාලේ ඉඳලා. ඇස් දෙකත් හොඳට පේනවා. කිසිම අව්ලක් නෑ. මටනම් හිතෙන්නේ ඕක සාමාන්‍ය දෙයක් කියලා. අනේ මන්දා මට දැනෙනදේ මන් කිව්වේ.

    • @ushaniweerasingha2026
      @ushaniweerasingha2026 Před 3 měsíci +2

      මටත් එහෙම තමයි

    • @express6468
      @express6468 Před 3 měsíci

      @@ushaniweerasingha2026 😌

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk Před 3 měsíci

      අර puzzle ගේම් එකක වගේ කෑල්ලක් උඩට පහලට යන එකද 😂 ඒක ඇහෙන් එහාට මෙහාට යවන්නත් පුලුවන් ආතල් හැබැයි ඒවැඩේ

    • @express6468
      @express6468 Před 3 měsíci

      @@Kaveesha-xx6nk ow eka ledak neme mamanam kiyanne samanya deyak.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Před 3 měsíci +1

    දැනුවත් කිරීම බොහොම ස්තුති .

  • @darshanisachi7817
    @darshanisachi7817 Před 3 měsíci +1

    ස්තුති 🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @WithanageDilush-vz7nd
    @WithanageDilush-vz7nd Před 3 měsíci +3

    බොහාේ වටිනවා කාලයක් මට වද දදි තිබුනු දෙයක් අද පැහැදිලි වුනාට ඔබට ස්තුති

  • @user-ry7jw1cw8m
    @user-ry7jw1cw8m Před 3 měsíci +6

    මේ ගතිය මට තිබුණා,මම වැඩිපුර අන්නාසී කැවා, එතකොටු ගොඩක් අඩුවුණා

  • @UpstreamOn
    @UpstreamOn Před 3 měsíci +1

    🙏Be better always.💖 බුදු සරණයි, සුවපත් වේවා.

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 Před 3 měsíci +1

    මටත් ඔය වගේ තිත් පෙනෙනවා .ඔබතුමාගේ උපදෙස් අනුව ඉක්මනින් ම අක්ෂි ශල්‍ය වෛද්‍ය වරයෙක් හමුවෙන්නම්.බොහෝම ස්තූතියි ඩොක්ටර් .

  • @user-ix7so5fc9u
    @user-ix7so5fc9u Před 3 měsíci +4

    හෙහේ.. අවු 3-4 කාලෙදි නිදා ගන්න ගියාම ඇස් පියා ගත්තාම ස්මහරදාට ඔය කෑලි පේනවා.. 😂 ඒත් ඒ කාලෙ ඒක විස්තර කරන්න තේරුනේ නෑ.. බය වෙලා නැගිටලා අම්ම ගාවට දුවන් යනවා... ආයෙත් ඇවිත් නිදා ගන්නවා.. තාමත් පේන වෙලාවල් තියෙනවා... කවදාවත් ඒක ඒක ප්‍රශ්න යක් කියලා දැනන් හිටියෙ නෑ.. ලොකු අවුලක් නම් වෙලා නෑ ඉතින්.. හැබැයි අවු 15 ඉදන් ඇස් කන්නාඩි නම් පලදිනවා.. දැන් මට 41ක් ... අවු 41 ක් ගියා ඒක දැන ගන්න ...😌

  • @zoysaaruna5409
    @zoysaaruna5409 Před 3 měsíci +6

    මටත් එළියට ඇවිත් බැලුවම පේනව නේ..විශේෂයෙන් විවෘත අහස දිහා බලනකොට හොඳටම පැහැදිලිවම පේනව

  • @supervideos8304
    @supervideos8304 Před měsícem

    දැනුවත් කිරීමට බොහොම පිං වෛද්‍යතුමනි.

  • @SWEETHOME-by_sf
    @SWEETHOME-by_sf Před 3 měsíci +1

    Sir eka අම්මය රසය nemei කාච රසය.. කොහොම වුනත් මේ වගේ කවුරුත් වැඩිය දන්නැති දේවල් ගැන දැනුවත් කරන එක වටිනව. Thank u

  • @madusankalakshan3268
    @madusankalakshan3268 Před 3 měsíci +9

    මන් හිතුවෙ මට විතරයි කියල යකූ.....😅😮

  • @dilanipeiris160
    @dilanipeiris160 Před 2 měsíci +3

    මේ අසනීප තත්ත්වය මට තිබෙනවා. මම ඉන්නෙ ඉතාලියේ. දැනට අවුරුදු එකහමාරක් වෙනවා.😢ඔබ තුමා කිවූ ආකාරයටම විශේෂ අක්ෂි උපකරණ මගින් නිරන්තරයෙන්ම පරීක්ෂා කරමින් විශේෂ අක්ෂි දොස්තර මහතකුගෙන් ප්‍රතිකාර කරනවා .මගේ රෝගය ඉතාලි භාෂාවෙන් maculopatia නමින් හඳුන්වනවා.(මගේ ඇසේ ලොකු කලු ඩොට් එකක් සමග මකුළු දැලක් වගේ පාවෙනවා.පෙනීමත් ටිකක් දුර්වලයි.තාම අඩු නැහැ.

    • @somasoma3967
      @somasoma3967 Před měsícem

      Ane doctor mama enne saudiye.oya kiyan leda okkoma mata thiynawa. Ane mata ninda yanne ne.retanam kohomathma nidi matha enne ne.udetanam peyak wage thamai nida ganne

  • @theresaedirisooriya6226
    @theresaedirisooriya6226 Před měsícem +1

    මටත් මෙි අසනිපේම තියනවා මට Hospital එකෙන් දිනයක් දුන්නා ඔබතුමා කිවු පරිදිම ඇස ලොකු කරලා බලන්න එන්න කියලා
    ඔබතුමාට බොහෙමත් පිං දැනුවත් කලාට

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn Před 3 měsíci +1

    ඔබ.තුමාට.බොහොම.ස්තුති

  • @chandranihettiarachchi5815
    @chandranihettiarachchi5815 Před 3 měsíci +13

    මට දැන් අවුරුදු 58 ක් වෙනවා . මතක තියන කාලෙ ඉඳල ඔය කියන විදියට ඇහේ පා වෙනවා . නමුත් මම ඒ ගැන නම් සැලකිල්ලක් දැක්වූයේ නැ .

  • @thusithakasunjaya3894
    @thusithakasunjaya3894 Před 3 měsíci +4

    මේ ඩොක් ට කියන දේ පොඩි කාලෙ හැමෝම පේන දේ නෙවෙයි.මටත් මේ වගේ පේනව.හැබැයි පොඩි කාලේ පෙනුනු ලප නෙවෙයි විනිවිද පෙනෙන පනුවො වගේ හැඩ.මේකෙ හැඩේ වෙනස් වෙන්නෙ නෑ.ගොඩාක් වෙලාවට අහස දිහා බැලුවම පේනව.

  • @deenz15
    @deenz15 Před 3 měsíci +2

    ලස්සන විග්‍රහ කිරීමක් ...🩷

  • @nihalrajapaksha6775
    @nihalrajapaksha6775 Před 3 měsíci

    ඉතාම වැදගත් පණිවිඩයක් ඔබ මේ වීඩියෝ එක මගින් දුන්නේ.ගොඩක් ස්තූතියි

  • @dilshanedu8697
    @dilshanedu8697 Před 3 měsíci +6

    ඩොක්ටර් මට දහය වසරෙ ඉදන් ඕක වෙන්නෙ.දැන් අවුරුදු පහක වගේ වෙලේ ඉදන් තියෙයි.ඉස්සරෝම සුදු පාට කෙදි වගේ එකක් දෙකක් වගේ තිබ්බෙ.දැන් මෙකෙ කෙදි ගානත් වැඩී සුදු පාටට තිබ්බ කෙදි දැන් කලු,දුබුරු වගෙ පාටට ඇවිල්ලා.eye specialist කෙනෙකුටත් පෙන්නුවා එයා කිව්වා පෙනීම අවුලක් නෑ ඇහේ මුකුත් නෑ කිව්වා.මේක ගැන කියද්දි මට පිස්සු කියලා කිව්වා.රීට පස්සෙ බෙහෙත් එකක් දුන්නා ඇස් වලට දාන්න ඒකට අඩු උනෙත් නෑ.ඉස්සරෝම එක ඇහැක විතරයි තිබ්බෙ,දැන් ඇස් දෙකටම ඇවිල්ලා.ඇයි කියලා හිතාගන්න බෑ.

    • @abeyrathnabanda1264
      @abeyrathnabanda1264 Před 3 měsíci +2

      ඔයා කියන විදිහමයි මටත්. ඔයාට දැන් 16 යි නේ. මට 16 සිට 68 වෙනතුරු අවුලක් නෑ. මගෙනුත් දවසක් වෛද්‍යවරයෙක් ඇහුවා රස්සාවක් නැත්ද නැති දේකට ක්ලිනික් බඩගාන්න කියලා!

    • @testports3216
      @testports3216 Před 3 měsíci

      ​@@abeyrathnabanda1264අවු 16 ඉදන් තිබුනද දැන් 68 ද මේ කාලේ ඇතුලත් ඕක වැඩි වුනේ නැද්ද

    • @dilshanedu8697
      @dilshanedu8697 Před 3 měsíci

      @@abeyrathnabanda1264 දැන් 20යි.godk online ක්ලාස්නෙ අපිට තිබ්බෙ.ඒක හින්දා phone ek use krn gthiy wdiuna.එන්න එන්න ඇහේ ඕවා වැඩි උනා මිසක් අඩු උනේ නෑ

  • @rasadgph4062
    @rasadgph4062 Před 3 měsíci +10

    මෙච්චර කල් පොඩි ගැම්මකින් හිටියේ . මට බලයක් තියනවා කියලා . එතකොට ඒකත් ලෙඩක්ද ? ශික් 😢😢😢

  • @imnasa
    @imnasa Před 3 měsíci

    perfect explain , Docter , kindly explain about lazy eye problem and treatments . Thank you

  • @stcell2883
    @stcell2883 Před 3 měsíci +1

    ස්තුතියි දැනුවත් කිරීමේ doctor ❤

  • @sararanaweera9063
    @sararanaweera9063 Před 3 měsíci +7

    මටත් තියෙනව. මේ වගේ පොඩි පොඩි ඉරි ඉරි වගේ යනවා. වමේ ඉඳලා දකුණට. කලු ඩොට් එකකුත් යනවා. මං මේ දැං බලලා කිව්වෙ. විනිවිද පේනවත් වගේ. ලා අලු පාටත් වගේ. මං හිතුවෙ මුලින් මොකක්ද යකෝ මේ කියලා.

  • @Mrs.A.Somalatha
    @Mrs.A.Somalatha Před 3 měsíci +3

    මටත් පොඩි පොඩි ඉරි කෑලි වගේත් පොඩි දිය බුබුළු වගෙත් පේනවා .දවල් රෑ කියලා වෙනසක් නෑ අහස බැලුවා ම අනිවාර්යයෙන් ම පේනවා

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 Před 3 měsíci +1

    ස්තුතියි....මමත් floaters සහිත රෝගියෙක්.මම ඇස් වෙහෙසන රාජකාරියක් කරන නිසා ප්‍රතිකාර සඳහා යොමු වෙමි. ඊට අමතරව සිතේ ඇතිවන අනිසි
    බිය පහවන ලෙස.. රෝගයක් ඇති බව නොසිතා සිටීමටත්...ලෝක ස්වභාවය අනුව සිදුවන සරල සිද්ධියක් ලෙස ගනිමි.ස්තුතියි.. මග පෙන්වීම ගැන.ඔබගේ දියුණුව පතමි.

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 Před 3 měsíci +2

    ඔබතුමා ස් තුති යි ,,,

  • @multistudio2769
    @multistudio2769 Před 3 měsíci +8

    මුකුත්ම හිතන්නේ නැතුව ඇස් පිය ගගහ ආයි බැලුවෙ මම විතරයි ද 😂😂😂

  • @UthpalaPubudu-qg2rl
    @UthpalaPubudu-qg2rl Před 3 měsíci +6

    මටත් පොඩි කාලේ ඉදන් පේනවා, මම හිතන් ඉදියේ මට ඇමීබාවෝ පේනවා කියලා😂😂

  • @preemanthaherath1407
    @preemanthaherath1407 Před 3 měsíci +1

    බොහොම ස්තුති doctor ❤

  • @upaliamaranayake9574
    @upaliamaranayake9574 Před 3 měsíci +1

    ඉතාම වැදගත් දැනුවත් කිරීමක්

  • @indikarajakaruna5509
    @indikarajakaruna5509 Před 3 měsíci +11

    මම හිතුවෙ මට වායුගෝලයේ ක්ෂුද්‍ර ජීවීන් පේනවා කියලා...😮

  • @ayesh.3308
    @ayesh.3308 Před 3 měsíci +8

    අම්මෝ තියන ටිකත් නැතිවෙන වැඩක්.
    මට සුලු අමතක වීමක් නිසා පෞද්ගලාක රොහලකට ගියා.
    MRI ස්කෑන් එකක් කලා 50 දාහයි.
    ඒක බලලා මට කිව්වා මොලේ ලේ කැටියක් හිරවෙලා
    මොලේ ඔපරේට් කරන්න ඕන කියලා.
    දැන් ඉන්නේ වෛද්‍යවරු නොවේ.
    කලුකඩ මුදලාලිලා
    තමන්ගේ අම්මා ගැනවත් අනුනුකම්පා කරන එකක් නෑ. සල්ලි ගන්න මනුස්ස ජීවිත බිලි ගන්න,
    යක්කු වගේ අය
    මම මොනවත් කලේ නෑ.
    දේශීය වෛද්‍යවරයෙක් ලඟට ගිහාම කිව්වා බයවෙන්න එපා.
    ලේ කැටියක්මොලේ තියනවා නම්
    ශරීරය පණ නැති වෙනවා කියලා.

    • @user-og8rz1gg5g
      @user-og8rz1gg5g Před 3 měsíci +2

      මෝඩ සල්ලි කාරයින්ගේ මුදලින් තමයි ඔය නවීන මැෂිමේ පටන් වැසිකිලිය දක්වා නඩත්තු වෙන්නේ. අතර මැද්දේ දොස්තරලා ලෙඩ වවනවා, මවනව, කරල් පෙති ගිල්ලවනවා මිනිස්සුන්ගේ අන්තිම රීරි බින්දුවත් උරගන්නකම්..
      ඉතින් ඒ සාත්තුව දරා ගන්න බැරිවුනහම, රජයේ රෝහලවලට වැටිලා මැරෙනව, නැත්නම් විකෘති වුන පංචස්කන්ද ගෙදර ගෙනියනව.
      වාසනාවක් තිබුනොත් ඉතින් හොඳ සිංහල වෙදගෙදරකදී මුළු ආත්මයම සුවපත් කරගන්න ලැබෙනව.
      ආයුර්වේද හොස්පිටල් එකේදී ්මේ සමාන කතන්දර සෑ හෙන්න දැනගන්න පුළුවන්,
      ්මේ ලියන මම වසර 20 කින් වත් බටහිර පැනඩෝළයක්වත් බීල නැහැ. සිංහල බෙහෙත් මිසක්.

  • @ranjanimaya2027
    @ranjanimaya2027 Před 3 měsíci +1

    ස්තුතියි ඔබතුමාට

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 Před 3 měsíci +2

    ස්තූතියි ඔබතුමාගේ දැනුවත් කිරීමට මමත් doctor කෙනෙක් ට පෙන්නුවා එයා කිව්වා vidulikotanava vage උනොත් anna kiyala මේ තරම් හොඳට පැහැදිලි කෙළේ නැහැ

    • @sepalajayasekara363
      @sepalajayasekara363 Před 3 měsíci

      මට වයස78 යි අුවුරුදු 20 කට කලින්
      මගේ දකුණු ඇසේ ඔය තත්ත්වය අාවා.වෛද්‍යවරයාට පෙන්නුවාම
      මට ලැබුණෙත් ඔබට ලැබුන උපදෙසමයි.ටික කලකට පස්සේ
      වම් ඇසත් ඒවගේ වුනා.මුලදී කරදරයක් වගේ දැනුනත් දැන්ඒකට
      පුරුදුවෙලා.වෙනත් ආබාධයක් නැහැ.

  • @user-wz8un3bo8v
    @user-wz8un3bo8v Před 3 měsíci +8

    පොඩි කාලේ ඉදල මේවගේ කැල්ලක් පේනවා දැන් මට 51යි තවම එහෙම පේනවා හැබැයි කිසිම වෙනසක් නෑ

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 Před 3 měsíci +8

    මන් හිතුවෙ මට ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන පේනව කියල ...

  • @hemaamarasinha4107
    @hemaamarasinha4107 Před 3 měsíci +1

    ඔබතුමාට ස්තූතියි .මටත් එහෙම පෙනෙනවා .දැනට ප්‍රතිකාර කරනවා .මාස තුනකින් ආයෙ පෙන්වන්න කීවා .

  • @freedademel2676
    @freedademel2676 Před 3 měsíci +2

    මටත් ඔය තත්වය තිබුනා , මුලින්ම ලොකුවට පෙනුනේ පැල්ලම, ඊට පස්සේ නිකම්ම අඩු වෙලා ගියා, ඒත් ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා,බය වෙන්න එපා කිවුවා,බෙහෙත් දුන්නෙ නැහැ,

  • @anubae6352
    @anubae6352 Před 3 měsíci +5

    මට නම් පුංචි කාලේ ඉදන්ම තිබ්බා අවුරුදු 12 ක විතර කාලේ ඉදන්

  • @hashinisewwandi154
    @hashinisewwandi154 Před 3 měsíci +11

    ඕක ගැන කිව්වම ගෙදර අයටත් මාව පිස්සෙක් වගේ පෙනුන කාලයක් තිබ්බ. දොස්තරල ලෙඩක් නෑ කියන නිසා. Colombo eya hospital පවා ගියා. ඒක ලෙඩක්ද, කමක් නෑ දන්න කාලෙ ඉඳන් පෙනුනෙ දැන් 28ක් ඕක පෙන්නන්න ගිහින් මේ ලංකාවෙ තියෙන ඇහැත් නැති කරගන්නවට වඩා හොඳයි බාගෙට පෙනිලා හරි 50 න් 60න් මැරිල යනකල් ඉන්නවා😂

    • @kavindukumara1352
      @kavindukumara1352 Před 3 měsíci +1

      Math ehemai hlow.dan ona deyak unaden kiyala paduwe innwa😊

  • @samjewellery3755
    @samjewellery3755 Před 3 měsíci

    Great video.thank you doctor.god bless you for your service to the society.

  • @kumarioman3084
    @kumarioman3084 Před 3 měsíci

    මටත් එහෙම පෙන්වා ඒත් මම වැඩීය ගන් නැහැ මට අවුරුදු 62. විතර වෙනවා ගොඩක් ඉස්තුති ඹ්බතුමාට මට තැල්ලක්. එහෙට මෙහට යනවා ආකාරයත් .රොගයත් තියනවා තෙරුවන් සරණයි

  • @Nethuu345
    @Nethuu345 Před 3 měsíci +5

    මගේ ඇහෙත් තියෙනවා දැන් ගොඩක් කල් ඉදන්.

  • @Jinna118
    @Jinna118 Před 3 měsíci +6

    මට ඕන විදියට උඩට ගන්න පුලුවන් උඩ බලනකොට පහලට කඩාවැටෙනව නෙ

  • @user-kv6hx8fk8p
    @user-kv6hx8fk8p Před 3 měsíci +2

    sthuthi doctor obe danuwath kirima ihalinma age karami niduk nirogi wewa

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs Před 3 měsíci

    ඔබතුමා ටබොහොම පින්

  • @Ryuk20.
    @Ryuk20. Před 3 měsíci +6

    මම හිතුවේ අහසේ තියෙන නොපෙනෙන වස්තූ පේන එකෙක් කියලා මම 😓

  • @user-yg2oz3zz9b
    @user-yg2oz3zz9b Před 3 měsíci +6

    මන් හිතුවෙ පිටසක්වල ජීවීන්ගෙන් මට විතරක් ලැබෙන සංඥාවක් කියල 🙂🙂
    He he

  • @chandrakanthigunawardhana.3118

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @user-to8di4gn8v
    @user-to8di4gn8v Před 3 měsíci +1

    THANK YOU DR.

  • @techhawk4297
    @techhawk4297 Před 3 měsíci +3

    Annasi (pineapple) kawama me floaters adu wenwa

  • @technolk8221
    @technolk8221 Před 3 měsíci +3

    ටීවී එකේ ඇන්ටෙනා වයර් එක ගලවලා තිරයට හොඳට කිට්ටු වෙලා බලන්න.පේන්නේ ඕකමයි. පාවෙන කෑලි පේන්නේ නැති අයට පැහැදිලි කරන්න ලේසිම විදිය මම කිව්වේ😮

  • @sewwandiguruge7723
    @sewwandiguruge7723 Před 3 měsíci +1

    මටත් මේ ප්‍රශ්නය තියනවා. 2020 වගේ ඉඳන් තව වෙනකම් මේ විදිහට කෝදුරෙක් යනවා වගේ පේනවා. ඒ දවස් වල අක්ෂි විශේෂ Doctor කෙනෙක්ට යොමු වුනා. පරීක්ෂණ කිහියක් ඒ වෙලාවේ කරලා කිව්වා මේක සාමාන්‍ය තත්ත්වයක් කලබල වෙන්න දෙයක් නෑ කියලා. මේක නිකන්ම හොඳ වෙලා යයි කියලා තමා මට කීවේ. ඒත් මට තාම කෝදුරෙක් යනවා වගේ පේනවා හැබෙයි ඉස්සර තිබ්බ තත්ත්වයට වඩා දැන් ඒක ටිකක් අඩු වෙලා තියනවා.

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 Před 3 měsíci

    ගොඩාක් පින් වෛද්‍ය තුමනි