සරණ | ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේ නමක් සමග පවත්වන දුර්ලභ ධර්ම සාකච්ඡාව

Sdílet
Vložit
  • čas přidán 13. 04. 2024
  • යො සුඛං දුක‍්ඛතො අද‍්ද දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො
    අදුක‍්ඛමසුඛං සන‍්තං අද‍්දක‍්ඛි නං අනිච‍්චතො.
    ස වෙ සම‍්මද‍්දසො භික‍්ඛු පරිජානාති වෙදනා
    සො වෙදනා පරිඤ‍්ඤාය දිට‍්ඨධම‍්මෙ අනාසවො
    කායස‍්ස භෙදා ධම‍්මට‍්ඨො සඞ‍්ඛං නොපෙති වෙදගූති.
    (දට්ඨබ්බසුත්තං)
    මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, සුවවේදනාව දුක් විසින් දැක්ක යුතු ය. දුක්වේදනාව හුල් විසින් දැක්ක යුතු ය. නොදුක්නොසුව වේදනාව අනිස විසින් දැක්ක යුතු ය.
    මහණෙනි, යම් කලෙක මහණහු විසින් සුවවේදනාව දුක් විසින් දක්නාලද වේ ද, දුක්වෙදනවා හුල් විසින් දක්නා ලද වේ ද, නොදුක්නොසුව වේදනාව අනිස විසින් දක්නා ලද වේ ද,
    මහණෙනි, මැනවින් දක්නා මේ මහණ තෘෂ්ණාව සිඳලූයේ ය. සංයෝජන මුලිනුපුටා හළේ ය. මනා කොට මනාවබෝධය කිරීමෙන් දුක කෙළවර කෙළේ යයි කියනු ලැබේ.
    යමෙක් සුවවේදනාව දුක් විසින් දිටි ද, දුක්වේදනවා හුල් විසින් දිටි ද, ශාන්ත වූ ඒ නොදුක්නොසුව වේදනාව අනිස විසින් දිටි ද. මැනවින් දක්නා ඒ මහණ වේදනා පිරිසිඳ දනී. වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ කාබුන් මරණින් මතු පැනවීමට නො පැමිණේ යි.
    (දට්ඨබ්බ සුත්‍රය, වේදනා සංයුත්තය)
    #vipassanameditation
    #satharasathipattana
    #deepjunglemeditation
    #vipassanameditation #deepjunglemeditation #sathiya #buddhism #buddha #buddhist #buddhistmonk #buddhistmeditation

Komentáře •