Marconi House | මාර්කෝනිගේ නිවසේ දවසක්

Sdílet
Vložit
  • čas přidán 22. 09. 2021
  • "ගුලිඑල්මෝ මර්කෝනි" ඔයාල අහල ඇති නේද ? වයර් සම්බන්ධතාවයකින් තොරව එක තැනක සිට තවත් තැනකට තරංගයක් යවන්නත් එය ග්‍රහණය කරගන්නත් පුළුවන් කියන අදහස ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියල ලෝකෙ මුලින්ම ආවෙ ජීවිතේ කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ල නැති මෙතුමාගේ හිතට. අහසෙන් එන අකුණු සැර පොළොවේ යම් තැනකට වදිනවනම් අපි කතාකරන දේකුත් තවත් තැනකින් ගන්න බැරිද කියන සිතුවිල්ල එයාට ඇවිල්ල තියෙන්නෙ වැස්ස වෙලාවට අහස දිහා බලාගෙන ඉද්දි. තමන්ගෙ හිතට ආපු ඒ අදහස ක්‍රියාත්මක කරල අද අපි භාවිතා කරන රැහැන් රහිත සියලු තාක්ෂණයන්ගේ මූලාරම්භය ලෝකයට දායාද කල මේ උත්තමයාගේ නිවසට අපි ගිය ගමන ගැන ඉතා රසවත් තොරතුරු රැසක් මෙම වීඩියෝවෙන් බලන්න ❤️
    ඉතා වැදගත්
    නිකෝලා ටෙස්ලා ගැන හුඟ දෙනෙක් මේකෙ ලියල තියෙන නිසා ඒ ගැන යමක් ලියන්න හිතුවා. පුනරුද යුගයේ නව සොයාගැනීම් සඳහා තිබුනේ ලොකු තරඟයක්. එකම අදහස ලෝකයේ කිහිප තැනක කිහිප දෙනෙකුට ඇවිල්ල තිබුන අවස්ථා තිබුනා. මාර්කෝනි මේ පර්‍යේෂනය කරල පළමු වරට රැහැන් රහිත සංඣාවක් යැව්වෙ එයාට වයස අවුරුදු 21 දි. වයස 17 ඉඳන් ඉතාලියේ බොලෝනියා කිට්ටුව තියෙන මේ ගෙදරට වෙලා බොලෝනියා විශ්ව විද්‍යාලයට යන එන ගමන් ඔහු දිගටම කරේ එයාගෙ මේ අදහස ප්‍රායෝගික කරන්න මහන්සි උන එක. මේ වගේ පොඩි කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කියල ආරංචි උනාම හුඟක් ප්‍රබල විද්‍යාඥයින්ගේ දැඩි ඊර්ශාවට ලක්වීමේ හොඳම නිදසුන තමයි ටෙස්ලාගේ ක්‍රියාව. බොලෝනියා විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් සහ පොතපතින් හැර මාර්කෝනිට කිසිවෙක්ම පෞද්ගලිකව මීට උදවු කරේ නෑ. අවම වශයෙන් මාර්කෝනිගෙ තාත්තගෙන්වත් කාමරේකට වෙලා අවුරුදු ගණනක් තිස්සේ කරන මේ පිස්සු වැඩ වලට (ඔහු තම පුතාගෙ මේ වැඩ සැළකුවේ පිස්සුවක් විදියට) සහයෝගයක් ලැබුනෙ නෑ. හුඟක් දේවල් මාර්කෝනි කරේ තාත්තට හොරෙන්.
    මාර්කෝනි 1895 කල හපන්කමේ පේටන්ට් අයිතිය තමන්ට ඕන කියල ටෙස්ල නඩු දාන්නෙ ඉන් වසර 20 කට පසුව එනම් 1915 දි. ඊට හේතුව රැහැන් රහිතව විද්‍යුත් තරංග යැවිය හැකි බව ටෙස්ලා මාර්කෝනිට පෙර කියා තිබීමයි. ඩයිනමෝ එන්ජිමක නිර්මාතරයා වූ ටෙස්ලට එම අදහස තිබුනට ක්‍රියාත්මක කරල තිබුනෙ නෑ. මාර්කෝනි තම පරීක්ශ්ණ සඳහා ටෙස්ලගේ මෙන්ම හර්ට්ස්ගේද පර්‍යේෂන වල දත්ත උපයෝගී කර ගත්තා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕනම නව නිර්මාණයක් බිහිකරන්න විවිධ දත්ත සහ පූර්ව පර්‍යේශන වල තොරතුරු අත්‍යාවශ්‍යයි. මාර්කෝනිගේ සොයාගැනීම පාදක කරගෙනයි අද අපි අතිවිඳින මේ සියළූම ආකාරයේ රැහැන් රහිත තාක්ශ්ණීක මෙවළම් සොයාගෙන තියෙන්නෙ. ඒත් මේ හැම තාක්ශණයකම අයිතිකාරයා මාර්කෝනි කියල කවුරුවත් කියන්නෙ නෑනේ. මාර්කෝනි පට්ට හොරෙක් කියන අයට මම කියන්න කැමතියි, පහසුකම් ඉතාම අඩු කුඩා ගම්මානයක ජීවත් වෙමින් කුප්පිලාම්පු එලියෙන් වසර 4 ක් පුරා හිතල හිතල මහන්සි වෙලා වයස අවුරුදු 21 දී ලෝකෙට මේ තරම් අනර්ඝ දායාදයක් ලබාදුන් වීරයෙකුට "හොරෙක්" කියන අය පොඩ්ඩක් අපේ ලංකාව දිහා හැරිල බලන්න "හොරු" කියන වචනයට අදාල අය ලෝකෙ වැඩියම ඉන්නෙ කොහේද ඒ කවුද කියලා.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Komentáře • 799

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  Před 2 lety +244

    නිකෝලා ටෙස්ලා ගැන හුඟ දෙනෙක් මේකෙ ලියල තියෙන නිසා ඒ ගැන යමක් ලියන්න හිතුවා. පුනරුද යුගයේ නව සොයාගැනීම් සඳහා තිබුනේ ලොකු තරඟයක්. එකම අදහස ලෝකයේ කිහිප තැනක කිහිප දෙනෙකුට ඇවිල්ල තිබුන අවස්ථා තිබුනා. මාර්කෝනි මේ පර්‍යේෂනය කරල පළමු වරට රැහැන් රහිත සංඣාවක් යැව්වෙ එයාට වයස අවුරුදු 21 දි. වයස 17 ඉඳන් ඉතාලියේ බොලෝනියා කිට්ටුව තියෙන මේ ගෙදරට වෙලා බොලෝනියා විශ්ව විද්‍යාලයට යන එන ගමන් ඔහු දිගටම කරේ එයාගෙ මේ අදහස ප්‍රායෝගික කරන්න මහන්සි උන එක. මේ වගේ පොඩි කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කියල ආරංචි උනාම හුඟක් ප්‍රබල විද්‍යාඥයින්ගේ දැඩි ඊර්ශාවට ලක්වීමේ හොඳම නිදසුන තමයි ටෙස්ලාගේ ක්‍රියාව. බොලෝනියා විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් සහ පොතපතින් හැර මාර්කෝනිට කිසිවෙක්ම පෞද්ගලිකව මීට උදවු කරේ නෑ. අවම වශයෙන් මාර්කෝනිගෙ තාත්තගෙන්වත් කාමරේකට වෙලා අවුරුදු ගණනක් තිස්සේ කරන මේ පිස්සු වැඩ වලට (ඔහු තම පුතාගෙ මේ වැඩ සැළකුවේ පිස්සුවක් විදියට) සහයෝගයක් ලැබුනෙ නෑ. හුඟක් දේවල් මාර්කෝනි කරේ තාත්තට හොරෙන්.
    මාර්කෝනි 1895 කල හපන්කමේ පේටන්ට් අයිතිය තමන්ට ඕන කියල ටෙස්ල නඩු දාන්නෙ ඉන් වසර 20 කට පසුව එනම් 1915 දි. ඊට හේතුව රැහැන් රහිතව විද්‍යුත් තරංග යැවිය හැකි බව ටෙස්ලා මාර්කෝනිට පෙර කියා තිබීමයි. ඩයිනමෝ එන්ජිමක නිර්මාතරයා වූ ටෙස්ලට එම අදහස තිබුනට ක්‍රියාත්මක කරල තිබුනෙ නෑ. මාර්කෝනි තම පරීක්ශ්ණ සඳහා ටෙස්ලගේ මෙන්ම හර්ට්ස්ගේද පර්‍යේෂන වල දත්ත උපයෝගී කර ගත්තා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕනම නව නිර්මාණයක් බිහිකරන්න විවිධ දත්ත සහ පූර්ව පර්‍යේශන වල තොරතුරු අත්‍යාවශ්‍යයි. මාර්කෝනිගේ සොයාගැනීම පාදක කරගෙනයි අද අපි අතිවිඳින මේ සියළූම ආකාරයේ රැහැන් රහිත තාක්ශ්ණීක මෙවළම් සොයාගෙන තියෙන්නෙ. ඒත් මේ හැම තාක්ශණයකම අයිතිකාරයා මාර්කෝනි කියල කවුරුවත් කියන්නෙ නෑනේ. මාර්කෝනි පට්ට හොරෙක් කියන අයට මම කියන්න කැමතියි, පහසුකම් ඉතාම අඩු කුඩා ගම්මානයක ජීවත් වෙමින් කුප්පිලාම්පු එලියෙන් වසර 4 ක් පුරා හිතල හිතල මහන්සි වෙලා වයස අවුරුදු 21 දී ලෝකෙට මේ තරම් අනර්ඝ දායාදයක් ලබාදුන් වීරයෙකුට "හොරෙක්" කියන අය පොඩ්ඩක් අපේ ලංකාව දිහා හැරිල බලන්න "හොරු" කියන වචනයට අදාල අය ලෝකෙ වැඩියම ඉන්නෙ කොහේද ඒ කවුද කියලා.

    • @gayendradeshan1135
      @gayendradeshan1135 Před 2 lety +2

      Api kohoma kiwwath atta kathawa thama Nicola tesla thamai me okkoma Piti passe inne

    • @thilinamaduwantha1587
      @thilinamaduwantha1587 Před 2 lety +17

      ලංකාවේ හොරු......තමා නියම හොරු ඔතෙන්ට ආවෝත් ඔය කාසල් එකත් උස්සං යයි 🤣🤣🤣🤣

    • @IT-cz2un
      @IT-cz2un Před 2 lety +7

      100 k වලට තව ටිකායි..... දාපු හැම විඩියෝ එකක්ම තත්පරයක් නෑර බලලා තියනවා..... 🤩youtube වල ආසාවෙන්ම බලපු චැනල් එක.... Congratulations

    • @abaiya7868
      @abaiya7868 Před 2 lety +4

      Supiri. ඔබගේ මහන්සියට බොහොම ස්තුතියි ...

    • @surangaprabath5652
      @surangaprabath5652 Před 2 lety +1

      අයියා me gana දැනුවත් kalata ඔයාට ගොඩක් esthuthi .loku දැනුමක් lada gattha.👍❤️🌹🙏

  • @pushpakumarabasnayaka1524

    ඔබතුමාගේ අදහස් වල කිසිම වැරද්දක් නැ
    ලංකාවෙ ජතිකයයි යයි කියා ගන්න නාලිකාවකවත් මෙි වාගේ වටින දෙයක් පෙන්වන නවා දැකලා නැ
    ගොඩක් ස්තුතිය ඔබතුමාටත් පවුලේ සැමටත් ජය

  • @shamalperera4875
    @shamalperera4875 Před 2 lety +9

    මේ වාගේ වටිනා වීඩියෝ සිංහල කෙනෙක් කලානම් ඒ ඔබතුමා පමණයි ....ලොකුම දැනුමක් ,ආකර්ශනීය විස්තර කිරීම ඔබගේ උපන් හැකියාව අනර්ඝ යි...

  • @anandarathana
    @anandarathana Před 11 měsíci +1

    මේ වැඩසටහන නරබන්නට කාලයක් ගතවෙනවා එහෙත් හරිම සුන්දර වැඩසටහනක් හොදයි දැනුමක් ලැබුනා කියලා මට හිතෙනවා ඇත්තටම හරිම සතුටුයි ඔබතුමා කරන මේ සත් කාර්ය මහත් සතුටක් කින් යුතුව ප්‍රකාෂ කරනවා ඇත්තටම ඔබතුමා ට පිං සිද්ද වෙනව නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ආනන්ද හාමුදුරුවෙ

  • @ashenchaminda9256
    @ashenchaminda9256 Před 2 lety +13

    බලන්නකෝ ඒ විස්තර කිරීම.. ඕනිම පොඩි ලමයෙකුට තේරෙන භාෂාවෙන්.. හරීම වැදගත් .. මාර්කෝනි මහත්තයා ගැන කියපු ඒ ලස්සණ කතාව.. අවසාන මොහොතේ මාර්කෝනි මහත්මා ගේ පිලිරුව ලග ඔබතුමා හැගුම් බර වීම.. අතිවිශිෂ්ටයි ... ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️😊

  • @anandarathana
    @anandarathana Před 11 měsíci +1

    හරිම ලස්සනයි වැඩසටහනක් මට හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය කියන්න වචනමදඉ එතරම් සාර්ථක වේ කරන්න තව තවත් හොදම කරගෙන යාමට සත්ත්ව සවාරිය ලැබේවා තෙරුවන් සරණයි ඔබට ජය පතමි ඉටුකර ගැනීම මට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ආනන්ද හාමුදුරුවෙ

  • @jpSL
    @jpSL Před 2 lety +4

    දැනුම සහ අත්දැකීම් ගෙන එන ඔබතුමාට ස්තුතියි සුදන්තක මහත්මයා.අර කියපු විදිහට හිට්ලර් ගැන වීඩියෝ මාලාවක් කරන්න.මම හරි ආස චරිතයක්.ඒකාධිපතියෙක් කියලා මිනිස්සු හිට්ලර්ට අකමැති වුණාට යම් ආදර්ශය ගන්න පුළුවන් අපිට හිට්ලර්ගෙන්.ශබ්ද දූෂණය ලංකාවේ තත්ත්වය ගැන කතාව හරි අපේ මිනිසුන්ගේ සද්දෙ අනවශ්‍ය කතාවයි වැඩක් ඇතුව හෝ නැතුව එහාට මෙහාට දුවන එකයි විතරයි චින්තනය මොට්ට වෙන්න හේතුව ඒකයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  Před 2 lety +2

      මටත් ලොකු කුතුහලයක් තිබුනා හිට්ලර් ගැන. ඒ නිසාම මම එයාගෙ Mein Kamf සහ වේබර් මාසර් විසින් හිට්ලර් ගැන ලියපු ජර්මන් පොත් කියෙව්වා. මහ පුදුම ආත්ම විශ්වාසයක් තිබුන මිනිහෙක්.

  • @mmdmudiya492
    @mmdmudiya492 Před rokem +2

    ඔබතුමාට ගොඩක් පින් අපගේ තරුණ පරපුරට මෙවැනි ගුණවත් නැණවත් වැඩසටහන් ගෙන එනවාට. මෙවැනි කටයුතු ඉදිරියට කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා අපි සියලු දෙනාම වෙනුවෙන් කරමු.
    බුදු සරණයි!!

  • @artofthemusic694
    @artofthemusic694 Před 2 lety +4

    ඔබ කරන මේ සේවය ඉතාම අගය කරමි. ඔබ මේ දැනුම ඕනෑම කෙනෙකුට තේරෙන්න කියල දෙන ආකාරය ඉතාම ආකර්ශණියයි. ඔබ ඉතා දක්ෂ සන්නිවේදකයෙක්. තවද ඔබ තුල පවතින නිහතමානි ගුණය අපව ඔබ කෙරෙහි ඇද බැද තබාගනී - ස්තූතියි මෙම සේවය තවත් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවා.

  • @headsport3023
    @headsport3023 Před 2 lety +18

    මෙච්චර කල් හිතාගෙන ගිටියේ "ගුග්ලි මාර්කෝනී" කියලා😂අද තමයි හරිම නම් " ගුලි එල් ලෝර් මාර්කෝනී " දැන ගත්තේ❤️❤️

    • @thilinapeiris5655
      @thilinapeiris5655 Před 2 lety +1

      ගුබ්ලිමෝ මාර්කෝනි 😁

    • @oreothecat18
      @oreothecat18 Před 2 lety +1

      “ගුලිඑල්මෝ” , Gli* කියන අකුරු තුන ශබ්ද කරන්න ලංකාවෙ හෝඩියේ අකුරක් නෑ. ඒ නිසා හරි විදියට නම් "ගුලි" කියල ශබ්ද කිරිම වැරදියි. ඉතාලි භාශාවෙ විශේශ ශබ්ද කිරීමක් තමයි GLI කියන ශබ්දය.

    • @earthlove1310
      @earthlove1310 Před 2 lety +1

      Guglielmo Marconi ගුග්ලිඑල්මෝ මාර්කෝනි

    • @oreothecat18
      @oreothecat18 Před 2 lety

      @@earthlove1310 gli කියන එකේ g අකුර "ග්" විදියට ශබ්ද කරොත් එකත් වැරදියි. ග්ලි අකුරු එකතු වෙල අමුතුම ශබ්ද කිරීමක් තමයි හැදෙන්නෙ. "ග්ලි" ලියල තියෙන විදියටම ශබ්ද කරොත් වැරදියි. මෙකත් හරියට german භාශාවේ umlaut වගේ තමයි.

  • @dammikaranathunga10
    @dammikaranathunga10 Před rokem +3

    අපි වෙනුවෙන් ලොකේ වටේ ගිහින් අපිට කවදාවත් දකින්නට නොලැබෙන අහන්න නොලැබෙන දේවල් පෙන්නලා දීලා ඉතා පැහැදිලිව තේරුම් කරලා දුන්නට ගොඩක් පින් අයියාට....good luck....❤️❤️❤️😀👊👊🤘🤘

  • @KasunRomen
    @KasunRomen Před 2 lety +5

    මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් 🔥♥️

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 Před 2 lety +7

    ස්තූතියි අයියේ අපි රැමේනියා ඉදලා බොහෝම ආශාවෙන් උනන්දුවෙන් බලන්නේ. ජයෙන් ජයම වේවා , බුදු සරණයි ! ජේසු පිහිටයි! ❤❤❤❤💪💪💪💪💪💪💐💐💐💐💐💐

  • @ureshadilshan1
    @ureshadilshan1 Před 2 lety +18

    අදත් වෙනදා වගේ ඔබේ අත්දැකීම ඒ විදියටම අපිටත් ලබා දුන්නු ඔබට බොහොම ස්තූති ! මේ අත්දැකීම සැබෑ ලෙසම විදින්න බලාපොරොත්තු වෙන හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න ඕනේ ! ජයවේවා ✌

  • @tharukashehan4398
    @tharukashehan4398 Před 2 lety +3

    මාර පුදුමයි එතුමා ගැන.මේ ලෝකෙ නැති දෙයක්නේ ඉදිරිපත් කලේ අවු: 21 දී . ඔබතුමාට බොහොම ස්තුතිය මේවා කියල දෙනවට පෙන්නනවට. ගිහින් බලන්න බැරි උනත් මෙහෙම හරි දැකපු එකට පට්ට සතුටුයි ❤️

  • @dilsarashehan8689
    @dilsarashehan8689 Před 2 lety

    ඔබ නිවැරදි.... ශබ්ද දූශනය ඉතාමත්ම වැරදි ...මම පාසල් ශිෂයෙක් මන් ලංකාවෙ ජීවත් වෙන්නෙ ....හැමදාම අප නිසව අසල එක් නිවසක ඉතාමත්ම ශබ්දයෙන් සින්දු දානවා... එක ලොකු හිසරදයක් ...... මිනිස්සු වෙනස් විය යුතුයි....

  • @jayampathiwijayawardana3710

    ඉතාම විශිෂ්ඨ වීඩියෝ එකක්.අපි මොන තරම් ගෞරවයක් දැක්විය යුතු පුද්ගලයන්ද?ස්තූතියි සුදන්තක මහත්තයෝ…අපිට ලෝකය පෙන්වනවට දැනුම දෙනවට ගොඩක් ස්තූතියි.කියන්න වචන නෑ ඔබනම් දේව දූතයෙක්.මේ වීඩියෝ සහ දැනුම අපේ රටේ අධ්‍යාපනයට සම්බන්ධ කරගන්න පුළුවන්නම් අපිට නොලැබුන ගොඩක් දේවල් අපේ අනාගත පරපුරට ලබාගන්න හැකිවේවි.අපේ රටේ අනාගත පරපුරට හොඳ උද්දීපනයක් දේවි.මේ වගේ විශිෂ්ටයින් අපේ දරුවන්ගෙ හිත්වලට කාවැද්දවීම ඔබතුමාගෙ මේ වීඩියෝ වලින් අනිවාර්යෙන් කරන්න පුළුවන්.නමින් විතරක් දැනගෙන සිටි මාර්කෝනි හිතේ තැම්පත්කලා ඔබ.ඔබටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි.....!

  • @zonebag5326
    @zonebag5326 Před 2 lety +2

    සුදන්ත අයියා නියමයි ....ඔයා නම් නියම ගවේෂකයෙක්.....මාර රසවත් විදියට ඉදිරිපත් කරනව......අපිට මාරම සතුටින් බලන්න පුලුවන්.....ඔබ තුමාට තව ගොඩක් අවිදින්න සහ දියුණු වෙන්න වාසනාව ලැබේවා ....🧡🧡🧡👍

  • @kokilamahagamage1102
    @kokilamahagamage1102 Před 2 lety +3

    මනසට පවන් සලනවා වගේ සැනසීමක් ඔබේ කතා විලාසයෙන් මහා දැවැන්තයෙකුගේ දැනුමක් ලැබුවෙමි... ඔබට බොහොමත් ස්තුති💪❤️❤️🙏🙏🔥🔥

    • @inokapriyadarshani5226
      @inokapriyadarshani5226 Před 2 lety +1

      ගමනට පෙර සූදානම .හරි අපූරුයි සුදන්තක ඔයාගෙ ඉදිරිපත් කිරීම්. දරුවන්ට, ආදරණීය බිරිඳට ඔබට තෙරුවන් සරණයි

  • @supunchathuranga6701
    @supunchathuranga6701 Před 2 lety +11

    ඔන්න ඔබතුමාගේ සම්පූර්ණ කතාවම අපි ඇහුවා ඔබතුමා ශ්‍රී ලාංකීය අපිට මාර්කෝනි කෙනෙක් ...සුභ අනාගතයක් 🔉🔉🔉🎙️🎙️💿️🎧🎤😇😇😇😇

  • @sucharitharuwan2057
    @sucharitharuwan2057 Před 2 lety +4

    ලොකෙවටෙ සුදත්ත channel එකට 100k පිරිසක් එකතුවි තිබෙනවා ගොඩක් සතුටුයි.❤❤❤

  • @ceylontruckers8428
    @ceylontruckers8428 Před 2 lety +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. මේ දේවල් ලේසියෙන් කෙනෙකුට බලන්න හම්බෙන දේවල් නෙමෙයි. මම මීට කලින් මාර්කෝනි සම්බන්ධව මෙච්චර තොරතුරු අහල තිබුණේ නෑ. අනේ ගොඩක් ස්තූතියි සර්.🙏🙏 මේවගෙ වීඩියෝ ඉස්සරහටත් අනිවාර්යයෙන් ඕනි..ඒ වගෙම ගුවන්විදුලිය නිපදවීම සම්බන්ව නිකොලායි ටෙස්ලාගෙ සම්බන්යකුත් තියනවා. මොකද රැහන් රහිත සන්නිවේදනය පිලිබදව මුල්වරට මත පල කලේ එතුමා. එතුමාගෙ පර්යේෂන සම්බන්ධ පේටන්ට් බලපත්‍ර 17 ( පරීක්ෂණ 17) ක් එකට එකතු කරල තමයි මාර්කෝනි ගුවන්විදුලිය නිපදවල තියෙනෙ. වැදගත්ම දේ, ඒ නීතිවිරෝධීව නෙමෙයි.. මොකද ටෙස්ල තමන්ගෙ නිර්මාන වෙන අයට බවිතා කරන්න නිදහස දීපු පුද්ගලයෙක්. හේතුව තම නව නිර්මාණ විකුණල 💰 හම්බ කරන්න එතුමගෙ උවමනවක් නොතිබුන නිසා.....

  • @maheshdissanayaka4985
    @maheshdissanayaka4985 Před 2 lety +2

    අදත් ලස්සනයි ගොඩක් .ඔයා හොද නිවේදකයෙක් අයියේ .තවත් වැඩසටහන් ඉදිරියට දෙන්න ඔබට සුබ පතනවා...💐💐💐

  • @gametv6387
    @gametv6387 Před 2 lety +2

    ගොඩක් වටිනවා.. thank you

  • @user-gj5fs6tv1d
    @user-gj5fs6tv1d Před 2 lety +3

    Notification eka apu gaman awe...😍😍😍❤️❤️superb video..

  • @kalanasasankakh
    @kalanasasankakh Před 2 lety +1

    ගොඩක් වටිනවා. හැමදේම සරලව පැහැදිලි කරල දුන්න. 💖

  • @spacedh5275
    @spacedh5275 Před 2 lety +7

    100 K subscribers loading..... 24 වෙනිද ට 100 K වෙයි වගේ. ජය වේවා සුදන්තක මාමේ😌🔥

  • @udshehan4794
    @udshehan4794 Před 2 lety +2

    මේ කියපු ටික නම් මාරම විදියට හිතට වැදුනා !!! සහතික ඇත්ත... නියම රත්තරන් වටින ඔවදනක් ඔබතුමා මිනිස්සුන්ට ඒ දුන්නේ - 25:32

  • @ceylonvillagefood3620
    @ceylonvillagefood3620 Před 2 lety +6

    හෙට උදේ වෙද්දි සබ්ස්ක්‍රයිබ් ලක්ශයයි.අපිට හරිම සතුටුයි.😍😍😍 සුදන්තක මාමට බුද්දිමත් ප්‍රේක්ෂකයො ලක්ශයක් 🔥🔥

  • @appuhamisir
    @appuhamisir Před 2 lety +1

    ඔයාට ගොඩක් ස්තුති අපිට මේ දැනුම දෙනවාට .ඔක්කොම බලලා ඉවර වුනා.

  • @heshandushmantha5284
    @heshandushmantha5284 Před 2 lety +8

    සුදන්ත අයියේ ඔෆිස් ඉන්න වෙලාවට ඔයාගෙ අලුත් වීඩියෝ එකක නොටිෆිකේශන් එකක් ආවම ඒම මතක තියාගෙන ඉදල කජු ටිකකුත් අරගෙන ගෙදර ඇවිත් බියර් ටින් එකක් කඩාගෙනම තමයි වීඩියෝ එක බලන්නේ.😊 ඒ තරමට වැඩේ ඉන්ට්‍රස්ටින්.ඔයාගේ දැනුම වගේම ඉදිරිපත් කිරීමේ හැකියාව සුපිරි. ජයවේවා අයියේ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  Před 2 lety +1

      මරුනේ ලඟක හිටියනම් මමත් සෙට් වෙනවා 😍

    • @heshandushmantha5284
      @heshandushmantha5284 Před 2 lety +1

      එහෙම කරන්න පුලුවන්නම් කොච්චර වටිනවද අයියේ.මොනතරම් වැදගත් දේවල් කතාකරන්න තිබ්බද රට රටවල් ගැන.අවංකවම ඔයා මාර පොරක් හොදේ ලංකාවට ආව වෙලාවක කියන්න සෙට් වෙමු.ඔයා ආසකරන ඒ නිශ්ශබ්ද පරිසරය මෙහෙ තියෙනව. 😊

  • @heshanprabath401
    @heshanprabath401 Před 2 lety +2

    ගොඩක්ම වටින video එකක් ලොකුම දෙයක් ඉගෙනගත්තා..අද අපි මේ ලොකේ වටේ තාක්ශණයෙන් ඇවිදින්නේ එතුමා නිසා..මුලු ලෝකයකම එකම තැනකට ගන්න පුලුවන් උනේ අද මෙතුමා නිසා..❤මාර්කෝනි 🙏🙏🙏 ගොඩක් පින්

  • @somagovinnage5549
    @somagovinnage5549 Před 2 lety

    හරිම වටිනවා. වටිනා කර්තව්‍යය ඔබ තුමා කරන්නේ. ස්තුතියි.

  • @wmaperera
    @wmaperera Před 2 lety +3

    හුගක් දේවල් අහලා තිබ්බාට දැකලා තිබ්බේ නැහැ..ඒ වෙනුවෙන් ඔබට බොහෝ පිං...තව සුලු මොහොතකින් ලැබෙන Silver button එකට සුබ පැතුම්..

  • @ridmachalangapremarathna1831

    නියමයි සර්.පාලුවෙන් හිටියේ.බලන්න කලින් කමෙන්ට් කරන්නේ... පරිස්සමින් ඉන්න.❤️❤️😍😍👍👍

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 Před 2 lety +1

    මිල කල නොහැකි අගයක් ඇති ගොඩක්ම හොද වීඩියෝ එකක්..කොහොමද සුදන්තක මහත්තය භෞතික විද්‍යාව බෑ කියල කිව්වට ඉතාලි භාෂාව භාවිත කරල මාර්කෝනි මහත්තයගේ මුල්ම රේඩියෝව සද්දය අහන්න ඕන කියල චුට්ටක් වීඩියෝ කරගත්ත හැටි..ඔබතුමාට ජයෙන්
    ජයවේවා....

  • @CnAudioStories
    @CnAudioStories Před 2 lety +4

    සුදන්තක මාම දෙනියායෙත් ඇවිල්ල තියෙනවා...මම දෙනියායේ...ගොඩක් සතුටුයි...
    ගොඩක් ලස්සනයි වීඩියෝ එක නොදන්න දේවල් ගොඩක් දැනගත්තා...
    මමත් දැන් A/LPhysics ඉගෙන ගන්නව...
    ලෝකයම තාක්ෂණික අතින් දියුණු වෙන්න හේතු වුණු ගොඩක් වටින අමතක නොවන ඉතිහාස කතාවක්...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  Před 2 lety +1

      ඔව් මම විහාරහේනෙන් එනසාල්වත්ත පාරෙ ගිහිල්ල Rainforest හෝටලේ ඉඳල තියනවා තුන් පාරක්.

  • @MrUdaya00123
    @MrUdaya00123 Před 2 lety +1

    හැමදාම වගේ අදත් ඔබ අපිට සොදුරු දසුන් වගේම හොද දැනුමක් ලබා දුන්නා..ඒ දැනුම ගොඩාක් වටිනවා..ඔබ නිසා හූගක් වටිනා දේවල් දකින්න ලැබෙනවා.. ස්තූතියි ඔබට ...

  • @nethminilankathilaka2509

    හරිම ආසාවෙන් බලනවා.ගොඩාක් ස්තූතියි..,❤️

  • @Crazygoatlk
    @Crazygoatlk Před 2 lety

    බොහොම ස්තූතියි හැමදාම වගේ අදත් දැනුමෙන් අපිව පෝෂණය කරාට. ගොඩාක් පින්.

  • @sajeeabey4592
    @sajeeabey4592 Před 2 lety +1

    ඔබතුමාගෙ මෙම වැඩසටහනනමි සෑහෙන දැනුමක් ලබාදෙන මෙන්ම අන් අය දිරිගන්වනසුළු වැඩ සටහනක් . බොහොම ස්තුතියි .

  • @thamarajayasiri416
    @thamarajayasiri416 Před 2 lety

    අද තමයි බැලුවේ.ස්තුතියි සියලූදෙනාටම. ඔබතුමා කියන කතාව නම් සම්පූර්ණ ඇත්ත. ලංකාවේ තියෙන්නෙ පුදුම ශබ්ද දූෂණයක් . ගෙවල්වල මිනිස්සු කතා කරන කොට අනෙක් අය ගැන හිතන්නේම නැහැ. විශේෂයෙන් දමිළ භාෂාව කතා කරන අය. හරිම වටින වීඩියෝ එකක්.කියවල තිබුණාට ඒ තැන් දකින කොට හරිම ආසයි.පවුලේ සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @adamamaradasa1231
    @adamamaradasa1231 Před 2 lety +1

    දැනගෙන සිටිය නැති ගොඩක්දේවල් දැනගත්තා. thank you very much

  • @wadaperera
    @wadaperera Před 2 lety +1

    හරිම ආසාවෙන් බැලුවෙ මේ වීඩියෝ එක . අපි අහපු දැකපු නැති දේවල් තමයි මහත්තයා ගොඩක් මහන්සී වෙලා අපිට බලන්න අරගෙන එන්නෙ. ඒක කොච්චර වටිනවද . අනික් එක... ඔබතුමා වැදගත් පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කරන විදිහ හරිම සංවේදීයි. ආයෙමත් ලස්සන වීඩියෝ ගේනකල් බලාගෙන ඉන්නවා .

  • @chandupillay4127
    @chandupillay4127 Před 2 lety +1

    ගොඩාක් ස්තුති අයියේ.
    හරි අපූරුවට පැහැදිලි කරනවා ඔයා.
    ආදරෙයි ❤️🙏🏻

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 Před 2 lety +1

    Owwwu නියමයි ලස්සනයි ජයවෙවා ,,,, ,,

  • @sheelaalfred5267
    @sheelaalfred5267 Před 2 lety +1

    අදත්. Asawen video eka beluwa ammo igenaganda දේවල් godai thanks hemotama jesu pihitai

  • @seftyourelectronicitems.y.7679

    ගොඩාක් වටිනවා ❤️

  • @chandanaparanavithana8965

    මේක නම් මරු වීඩියෝ එකක් හරියට මටම දුන්න වගේ, මාර්කෝනි මමත් ඉතා ප්‍රිය කරන චරිතයක්, මෙතුමා ගැන මම දැනගන්නේ හයේ පංතියේ ගුවන් විදුලි කාර්මික ශිල්පය හදාරන අතරතුර, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දී. මමත් ඔයා වගේම ගම ගාල්ල. මේකත් හරිම වටින වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි.
    È come regalarmi un bel video, Marconi è un personaggio che amo molto, l'ho conosciuto mentre studiavo ingegneria radiofonica in sesta classe al St. Aloysius College di Galle. Sono del tuo stesso villaggio. Anche questo è un video molto prezioso grazie mille.

  • @nisansalagayani1460
    @nisansalagayani1460 Před 2 lety

    මාර ලස්සනයි ...දැනුම...ආසාවෙන් බැලුවා

  • @chithiradewsith714
    @chithiradewsith714 Před 2 lety

    ඔබට බොහොම පින්.තව තවත් වාසනාව ලැබේවා .බුදු සරණයි .❤️❤️❤️❤️

  • @CM2099Rap
    @CM2099Rap Před 2 lety +1

    අද සෙට් උනේ ඔබේ වීඩියෝ බලන්න ,
    මේක ගොඩක් වැදගත් .
    ඔබට දීර්ඝායූ ලැබේවා . 👌🙂

  • @dilipmacbookssaparamadu3522

    මම ලංකාවේ කුඩා ටවුමක ඉන්න කෙනෙක් ලංකාවේ නිරෝධායන ඇඳිරිනිතියේ පළමු අදියරේ දී මම ඔබ තුමා කියපු නිහැඬියාව වින්දා .. අවු 40 ක මාගේ ජිවිතයේ
    මා වින්ද ඉහළම නිහැඬියාව වින්දා කුරුළු හඬයි සුළං ශබ්දය විතරයි අසුනේ... මිනිස් කට හඬක් වත් ඇසුනේ නෑ ...ටවුමේ මිනිස්සු ගම්බිම් බලා ගිය නිසා ... ඒත් දැන් ටික ටික ඒ කර්කශ වාහන හඬ සහ යන්ත්‍ර සුත්‍ර ශබ්ද ඇහෙන්න පටන් අරගෙන කොරෝනාවත් අමතක වෙලා මිනිසුන්ට ...

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 Před 2 lety +3

    නියමයි අයියා සුපිරි..හිට්ලර්ගේ video එකත් කරන්න,Bs

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 Před 2 lety

    ගොඩක් වැදගත් වැඩසටහනක්...බොහෝමත්ම ස්තූතියි...මේතොරතුරු අපි සමග බෙදාගත්තාට.....☺️☺️🤗🤗

  • @srimaprincess4099
    @srimaprincess4099 Před 2 lety +1

    දැනුම, සුන්දරත්වය සහ සතුට. ස්තූතියි.🤗

  • @1974amil
    @1974amil Před 2 lety

    I Was expecting,, and waiting for this,, Finally you have DONE .. BIG THANK YOU,,

  • @champrikagallage5077
    @champrikagallage5077 Před 2 lety

    Superb waaaaaaw oba thumata anekawarayak thank you pin oba thuma ge mahansy ya mila kala nohaka , good luck perfect BS 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @malthangarok7746
    @malthangarok7746 Před 2 lety

    ගොඩක් වටිනවා ....තෙරුවන්සරනයි !!!

  • @shalikamadusanka2771
    @shalikamadusanka2771 Před 2 lety

    ඔබතුමා නිසා කවදත් දැකපු නැති තැන් කවදත් අහපු නැති කතා දැනගන්නේ ඇත්තටම ගොඩක් සතුටුයි මම ඔබතුමාගෙ විඩීයෝ බලන්න පටන් ගන්න කොට හිටියේ 5000 දැන් ලක්ෂයට තව ටිකක් සුබ පැතුම් ඔබ තුමාට

  • @thusithakumarathunga
    @thusithakumarathunga Před 2 lety

    වටිනා දැනුමක් ලබා ගත්තා. බොහොම ස්තූතියි ඔබතුමාට

  • @ksith1
    @ksith1 Před 2 lety

    සුපිරියටම පැහැදිලි කරනවා.මේ වගේ video තව තව කරන්න මම ඔබට සුබ පතනවා.✨️

  • @sudarakadeshapriyahabaraga4245

    අනිත් අය ගැන හිතන , අනිත් අයගේ දේවල් නොසොයන රටක් හරිම ලස්සනයි . නිහඩ බව නව නිර්මාණය න්ට මග පෙන්වයි.

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa Před 2 lety +1

    Harima lassana video ekak 💯💯💯💯💯
    100K SUBSCRIBERS wenakan noiwasillen balan innawa

  • @prabathlahiru3728
    @prabathlahiru3728 Před 2 lety +2

    ඔයා වීඩියෝ එකේදි අපේ ගමේ නම කිව්වා දෙනියාය ඇත්තටම මට සතුටුයි ඔයා සියලු දේ ගැන හිතන නිසා වෙලාවකට පුංචි දුකක් තියෙනවා එ අයියා මගේ ඥාතියෙක් නොවීම පිළිබඳව ඒ තරමට මම අයියට ගෞරව කරනවා අයියා සංචාරය කරන අතරතුර ලබාදෙන උපදෙස් අදහස් මැණික් තරම් වටිනවා වචනෙන් කියන්න බැරි තරම් සතුටක් අයියා පිළිබඳ ව තිබෙනවා ජය වේවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  Před 2 lety +1

      ලොකු සතුටක් දැනුනා ඔයාගෙ comment එක කියෙව්වම ❤️❤️😘

  • @thilangasandaruwan8886

    අත්දැකීම ඒ විදියටම අපිටත් ලබා දුන්නු ඔබට බොහොම ස්තූති ! මේ අත්දැකීම සැබෑ ලෙසම විදින්න බලාපොරොත්තු වෙන හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න ඕනේ ! ජයවේවා

  • @hirunishashinika2328
    @hirunishashinika2328 Před 2 lety +1

    ඔබේ අත්දැකීම් අපි සමග මේ විදියට බෙදා ගන්නවට බොහොම ස්තුතිය.

  • @abeygunasekarachandima7016

    ඉගෙනගෙන තිබුනට අද තමයි සියල්ල හරියටම දැනගත්තේ.ගොඩක් පින් මේවා පෙන්වනවට👍

  • @mohomadirfan5154
    @mohomadirfan5154 Před 2 lety

    ගොඩාක් වටින වීඩියෝ එකක් අද.ඔබට ස්තූතිය්...

  • @samindajayasena1192
    @samindajayasena1192 Před 2 lety +1

    ඔබතුමා නම් මට විශ්වකෝෂයකි ..පුදුම ව්දිහට ඉගෙන ගන්නෙ ජීවිතය ගැනත් අපරිමිත ලෝකය ගැනත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 Před rokem

    මං පුවත්පතක දැකපු ලිපියක තිබුණා මාර්කෝනිට කලින් රේඩියෝ තරංග සම්ප්‍රේෂණය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළේ ඉන්දීය ජාතික විද්වතෙක් බව එතුමා සොයාගත් දේ මාර්කෝනි විසින් නැවත සොයාගැනීමක් කර ඇති බවත්,එය තමා කළ සොයාගැනීමක් බව ලෝකයට ඉදිරිපත් කළ බවත් එම ඉන්දීය විද්වතා ගේ නම මට හරියටම මතක නැති වුණත් මේ පිළිබඳ ඇත්ත දැන්ගැනීමට කැමතියි.බොහෝම ස්තූතියි ඔබතුමාට.

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa1687 Před 2 lety +1

    ගොඩක් වටිනා විඩියෝ එකක් සුදන්තක මාමා 👌👌👌🙏

  • @thilinapeiris5655
    @thilinapeiris5655 Před 2 lety +8

    හිට්ලර්ට වියානා විශ්වවිද්‍යාලයෙන් චිත්‍ර ඉගෙන ගන්න අවසර දුන්නානම් අපි හිට්ලර් ගැන ඉගෙන ගනනෙ චිත්‍ර පාඩමෙන්..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  Před 2 lety +6

      ඔව් එහෙනම් අපි දැන් දන්න හිට්ලර් බිහි නොවෙන්නත් දෙවෙනි ලෝක යුද්ධය ඇති නොවෙන්නත් තිබුනා.

  • @mallika6841
    @mallika6841 Před 2 lety

    ගොඩාක් වටිනා වැඩසටහනක් ඔබට තෙරුවන් සරණයි

  • @thelife8836
    @thelife8836 Před 2 lety +6

    ඔන්න මේ දැන් subscribers 100 000 ගැහුව🥳🥳🥳😎👍👍❤
    8k ඉදලම චැනල් එකත් එක්ක හිටිය😊😊😊🌹🌹🌹

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  Před 2 lety +1

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️🌹

  • @knishanisashikala
    @knishanisashikala Před 2 lety +2

    Niyamai obata apawa lokema අපූරු ස්ථාන walata gihin දැනුවත් karana ekata .obata දීර්ඝායුෂ prarthana karanawa 🔥❤️❤️👍

  • @nayomis.2122
    @nayomis.2122 Před 2 lety

    ඔබේ මේ ප්‍රයත්නය ගැන කියන්න වදන් නෑ.... බොහෝම සුන්දරයි...වැදගත්...නිර්ව්‍යාජයි... ❤❤❤ ජයෙන් ජයම වේවා !
    ජේසු පිහිටයි !

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 Před 2 lety +3

    Thank you very much for the Video, uncle. I see, peaceful mind and peaceful environment always help to people to spark new ideas in them. 💖💖💖

  • @shamalishamali6391
    @shamalishamali6391 Před 2 lety

    Me wage වැදගත් දේවල් අපිට දැනගන්නට oba නිසා godak thank ජයවේවා ඔබට

  • @hiransilva2105
    @hiransilva2105 Před 2 lety

    ඇත්තමයි මේ වීඩියෝ එකේ අගය කියලා නිම කරන්න බෑ. සෑහෙන දැනුම් සම්භාරයක් ලැබුණා. මේ වගේ වටිනා හරවත් වීඩියෝ රැසක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි ❤️

  • @naturegift7746
    @naturegift7746 Před 2 lety

    හරිම වටින වීඩියෝවක්....👍👌🤗

  • @susanthadesilva542
    @susanthadesilva542 Před 2 lety

    අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා මාමෙ. බොහෝ ස්තූතියි 🙏🙏

  • @sanjeewapereraperera6615

    අදත් වෙනදා වගේ ඔබේ අත්දැකීම ඒ විදියටම අපිටත් ලබා දුන්නු ඔබට බොහොම ස්තූති !

  • @milanchaminda3631
    @milanchaminda3631 Před 2 lety

    ගොඩාක්...වටිනවා...බොහොමත්ම...ස්තුතියි....ඔබ.තුමාට....

  • @lokith__0089
    @lokith__0089 Před 2 lety +1

    superb one! ✨Thank u for the effort to maked such a wonderful video❤️🔥

  • @ranveerwagela5104
    @ranveerwagela5104 Před 2 lety +1

    Onnaa adaa 100000 gahawwaaa pattama සතුටුයි 😉👍✨️✨️🎊️🎊️🎊️🎊️🎆🎉️

  • @anomagamage801
    @anomagamage801 Před rokem

    අදත් හරිම වැදගත් වීඩියෝ එකක් නැරඹුවා ...ඔබතුමාට ගොඩාක්ම ස්තුතියි .....ගොඩක් දැනුමක් ලබා ගත්තා .....තෙරුවන් සරණයි ඔබ තුමාගේ පවුලේ සියලුම දෙනාට .......සතර වරම් දෙවියන්ගේ පිහිට ලැබේවා .....නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.....
    දීර්ඝායුෂ ලැබේවා ......🙏🙏🙏

  • @lakmaldayananda2923
    @lakmaldayananda2923 Před rokem

    දවසින් දවස මේ චැනල් එකට මම් පිස්සුවෙන් වගේ ආකර්ෂණය වෙනව❤️👌නියමෙට කරනව අයියෙ ඔයා වැඩසටහන්Keep it up..wish u the best

  • @sachinthanavirajithjayasoo8091

    ඔබතුමා මේ වීඩියෝ එකෙන් දුන්න දැනුම ඇත්ත්ටම වටිනවා. දිගටම මේ වගේ වීඩියෝ කරන්න. කොච්චර දිග උනත් අපි බලනවා. ❤🤟

  • @janakijanaki1062
    @janakijanaki1062 Před 2 lety

    ගොඩක් වටින vedio එකක්.ඔබට ගොඩක් ස්තුතියි .

  • @tharindukanesh4020
    @tharindukanesh4020 Před 2 lety

    ගොඩක් නොදන්න දේවල් ඉගෙනගත්තා... ඒකට ගොඩක් ස්තූති... ❤️❤️ වීඩියෝ එක present කරන විදියට තමා ගොඩක්ම කැමති 👌👌

  • @wasanaboxing
    @wasanaboxing Před 2 lety

    Wowooo wonderful Sharing my friend

  • @harshanishalika7866
    @harshanishalika7866 Před 2 lety +1

    ගොඩක් පිං. ගොඩක් දේවල් ඉගෙනගත්තා.🤩

  • @prabuddasrimal7740
    @prabuddasrimal7740 Před 2 lety +2

    ගොඩක් වටින විඩියෝ එකක්
    ගොඩක් ස්තුතියි..

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Před 2 lety

    හරි වැදගත් වීඩියෝ එකක් .දැනුවත් කළාට ඔබ තුමාට ජයවේවා .

  • @udperera7015
    @udperera7015 Před 2 lety +1

    නියමයි වැදගත් වැඩක් ස්තූතියි

  • @SLLion-sj2ci
    @SLLion-sj2ci Před 2 lety

    ස්තුතියි මේ දේවල් අපිටත් බලන්න අවස්තාව දුන්නට...සුබ අනාගතයක්.

  • @ewayenterprise9950
    @ewayenterprise9950 Před 2 lety

    ඔබ විවිධ ආකාරයේ වැඩ සටහන් අපිට ලබා දෙනවා.ගොඩක් ස්තූතියි.

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 Před 2 lety

    අදත් වෙනදා වගේම ගොඩක් රස වින්දා සුදන්තක අයියෙ ..බොහොම පින්..හරිම වටිනවා මේ වීඩියෝ එක ..බුදුසරනයි ඔයාලට .💞💞💞

  • @indikaanuradha2679
    @indikaanuradha2679 Před 2 lety +2

    හොඳ වැඩසටහනක් ආසාවෙන් බැලුවා හැම වැඩසටහනක්ම බලනවා