පාසැල් ගමන නවත්තලා මම ගාමන්ට යනවා මා මේ මගේ අම්මා දුක් විඳිනවා මට බලන් ඉන්න බැහැ

Sdílet
Vložit
  • čas přidán 7. 09. 2024
  • අනුන්ගේ වැසිකිලි හෝදලා ..අපට කන්න දෙනවා අපේ අම්මා ..මට මේක තවත් දරා ගන්න බෑ.... මා මේ.... මම ඉස්කෝලේ යනවට වඩා කුලියට ගිහිල්ලා අපේ අම්මට උදව් කරන්න මම හිතුවා ...ඒකයි මම කුලී වැඩ හොයාගෙන යන්න තීරණය කළේ ... එහෙම කිව්වෙ ..වැල්ලවාය තෙලුල්ල නයි ගල් ආර පදිංචි ජනනි දුව ....ලබන සැරේ සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්නේ ....තාත්තා මීට වසර කීපයකට උඩදී මේ දරුවො හතර දෙනා දාලා යනවා ...ජනනි ගේ අම්මා බොහොම අමාරුවෙන් ...දරුවො තුන් දෙනෙකුට කන්න දෙන්න හෝටලය ක ටොයිලට් හෝදන්න යනවා ....ඒකෙන් හම්බෙන රුපියල් 1000 දිනකට හාල් කිලෝ දෙකයි ඉතිරි තුන පහ ටිකයි ගෙනහල්ලා ..දරුවෝ තුන් දෙනාට කන්න දෙනවා ...ඔවුන් ඉන්න ගෙදරට වහ ගන්න .ජනේලයක් .දොරක් නැහැ ....කිසිම ආරක්ෂාවක් නැහැ. විදුලිය නැහැ ..කුප්පි ලාම්පුවෙන් තමයි ඇය පාඩම් කරන්නේ ....වැසිකිළි පහසුකම් නෑ.. .............මම වත්ත කෙළවරේ දිහා බැලුවා ......ඉටිරෙදි වටේට ඇදල පුංචි ටොයිලට් එකක් හදා ගෙන ......මම ඊට පස්සේ ඒ කුස්සියට ආවා ....කන්න දෙයක් තියෙනවද කියල බැලුවා ....උදේ කෑවට පස්සේ දවල්ට කාලා නෑ ....පොහොර කවරෙක හාල් හුන්ඩු දෙකක් ඉතිරි කරගෙන .. රෑට දරුවන්ට උයලා දෙන්න ...අන්න ඒ වෙලාවට තමයි අපටත් දුරකථන ඇමතුමක් ආවේ .පුළුවන් ඇවිල්ලා නිවස බලලා යන්න කියලා... ඒ පණිවිඩය දුන්නෙ වැල්ලවාය ඉන්න තවත් මිනිස්කම හඳුනන මනුස්සයෙක් .රෝහණ වන්නිආරච්චි කියලා ......අපි එහි යන කොට අපට පුළුවන් විදියට කන්න බොන්න ටිකක් අරන් ගියා .......මම ලොකු දුවට ලං වෙලා ඇහුවා පුතේ මොනවද ඕන කියලා ......ඒ වෙලාවේ වෙලාවේ ඇයගේ හඬ අවදි උනේ .ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ..මට ඉගෙන ගන්න ආසයි මම හැම වසරකම පන්තියේ පළවෙනියා ...මම පුද්ගලික පන්ති යන්නේ නැහැ ..මාමලාට පුලුවන්නම් මට පොත් ටිකයි පාසැල් උපකරණ ටිකයි අරන් දෙන්න... ඒ ටික ගන්න මගේ අම්මට හැකියාවක් ...මට බලාගෙන ඉන්න බැහැ.. අම්මා අනුන්ගේ වැසිකිලි හෝදලා ගේන්න සල්ලි වලින් අපට කන්න දෙනවා ...මම කොහොම හරි ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරන්න තමයි හිතා ගෙන හිටියේ ...එහෙත් අම්මා විඳින දුක දැකලා මට .....ඒ හම්බ වෙන මුදල මදි මගේ පාසල් ගමනට ...මම ගාමන්ට් යන්න හරි තීරණය කළේ ඒ නිසා .....මම ඊට පස්සේ ඇහුවෙ මගේ පුතේ ...ඔයාට මොනවද ඕන කියලා .. ...මොනවද අඩුපාඩු කියන්න ......එහෙම කිව්වේ ගමන් ඇය ඉල්ලුවේ මටත් මගේ මල්ලිටත් නංගිටත් පාසල් උපකරණ ටික අරන් දෙන්න ඉගෙන ගන්න කියලා ....ඒ වගේම අපට කිසිම ආරක්ෂාවක් නෑ මගේ තාත්තා දාලා ගියා ..එහෙත් අම්මා අපට කන්න බොන්න සියල්ලම පුළුවන් විදියට දෙනවා .. එහෙත් ගෙදර දොරක් ජනේලයක් නැහැ ..රෑට අම්මා නිදි මරනවා ..මම ගැහැනු ළමයෙක් නිසා නංගිත් මල්ලිත් ආරක්ෂා කරන්න ................මට ඒක තවත් වාවන්නේ නෑ මා මේ .........උදේ ඉඳන් හවස් වෙනකම් අනුන්ගේ වැසිකිලි හෝදලා ......ගෙන සල්ලි සල්ලි වලින් අපට කන්න දීලා අපිව ආරක්ෂා කරන්නත් අපේ අම්මා විඳින දුක මට දරා ගන්න බැහැ .......එක වෙලාවකට හිතෙන දේවල් මාමේ මට මාම්ලාට කියන්න බැහැ ..........
    .මේ කතාව ......තව ගොඩක් දේවල් ලියන්න පුළුවන් එහෙත් මගේ හිත තව තවත් පාර ගන්නවා විතරයි ........අනේ ආදරණීය මිනිසුනේ මේ පුංචි දරුවන්ගෙ සිහිනය සැබෑ කරගන්නට ඔබගේ දායකත්වය ලබා දෙන්න කියලා මං ඔබෙන් ඉල්ලා සිටිනවා වැඩි විස්තර සදහා වෙල්ලස්ස youtube නාලිකාව නරඹන්න මේ සියලු වීඩියෝ දර්ශන ඒ සතුව තියෙනවා wellassa tv you tube channel එක බලන්න ...0762806888...0722506888..0762747888...0555635888...වට්ස්ඇප් imo viberවලින් කතා කරන්න ...(wellasse manussakama fb )...address media unit wellawaya super complx no 15 wellawaya එන්න අපි අපේ අයට උදව් කරමු මම ....usp bandara .. (මාධ්‍යවේදී දෙරණ . හිරු ස්වර්ණවාහිනී ....ac no.. . Media unit wellawaya ...74564808 bank of ceylon wellawaya

Komentáře • 722