Oya Belma Oya Kelma - ඔය බැල්ම ඔය කැල්ම - Dharmadasa Walpola and Latha Walpola

Sdílet
Vložit
  • čas přidán 27. 07. 2016
  • ඔය බැල්ම ඔය කැල්ම
    නිලුපුල් නෙතේ
    පුබුදාවි මල් මාගෙ
    නොඉඳුල් හිතේ...
    සඳරැල්ල කිරි වැල්ල
    ඉතිරී ගියා
    සැනසෙන්න අප දෙන්න
    දිනුවා කියා..
    සෙවණැල්ල මෙනි යන්නෙ සංසාරයේ
    ඔබ මාගේ ආලෝකේ වෙ අන්ධකාරයේ...
    ගඟුලැල්ල දිය වැල් සෙ බැඳෙමී ප්‍රියේ
    ඔබ මාගේ උල්පත වේ මෙ කාන්තාරයේ...
    නොකැළැල් ය නො ඉඳුල්ය ප්‍රේමේ අපේ
    එය දන්න වන විල් හි මානෙල් පිපේ...
    ගම්මානෙ පෙම් සීනෙ එළි වී ඉතිං
    වන මල් ද දියවැල් ද ඉපිලී තුටින්...
    ලද හින්ද හිත බැන්ද මගෙ රූපිකා
    සුරඹුන් ද පවසන්නෙ තුති ගීතිකා...
    අඹරෝරෙ මනහාර තරු මල් මවා
    සංතෝසෙ පවසාවි දෙවියන් පවා...
    ධර්මදාස වල්පොල - ලතා වල්පොල
    කරුණාරත්න අබේසේකර / ආර්. මුත්තුසාමි
    කුරුලු බැද්ද (1961)

Komentáře • 104

  • @wimalruhunage1115
    @wimalruhunage1115 Před 2 lety +15

    ධර්ම දාස .ලතා යුවල සිංහල ගිිතයට කරන ලද මෙහය ගෞරවයෙන් සිහි කරමි.

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 Před 3 měsíci +2

    මම ඉපදිලා නෑ සංගීතය පටිගතවේද්දී❤❤❤❤❤❤😂

  • @kamalnathgunawardana9792
    @kamalnathgunawardana9792 Před 3 lety +16

    කොච්චර ඇහුවත් ඇති නොවන ගීතයක්.
    මෙන්න මේවා තමයි 👍 නියම සින්දු.
    සින්දුවේ මැදින් බාදා නොකර මෙහෙම අහන්න දුන්නාට බොහොම 🙏 ස්තුතියි.

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza Před 19 dny +1

    ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ.....

  • @geethanganifernando340
    @geethanganifernando340 Před 5 měsíci +3

    මම ආස කරන ලස්සනම ගිතයක්

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige Před 3 měsíci +2

    Great Work For Great Creation
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @srinarumatil
    @srinarumatil Před rokem +7

    මෙම ගීතය රස විඳින මට හිතෙන්නේ එම ගායක යුවළ, ගීත රචක,හා සංගීතයේ තනුව සැපයු අයගේ දැනුම කොතරම්ද කියායි. අද පද රචනා මොන තරම් බොළඳද,භාෂාව අතින් මොනතරම් නොදියුණුද.එය තමයි ලෝකයේ අනිත්‍ය ස්වභාවය දිනෙන් දින දියුණු විය යුතු උවත් සිදු උනේ පරිහානියක්මය.සංගීත ලෝකයේ තෝතැන්න වු භාරතයටත් මේ වගේ දෙයක් මද වශයෙන් සිදු වෙලා තියෙනවා.බටහිර රටවලත් එසේමයි.

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Před 21 dnem +1

    ගායනය හරිම හරිම ලස්සනයි

  • @veranjankurukulasuriya2999

    ඒ කාලෙ ග්‍රමපෝන් තැටියෙ දෙපැත්තම සින්දුවට ඕන උනා සිංදුව දිග නිසා.....රේඩියෝවෙ සින්දුව දාන කොට මැදින් නවත්තල තැටිය අනිත් පැත්ත දාල තමය් සින්දුවෙ ඉතුරු කොටස ප්‍රචාරය කලෙ. ඒ වගේ දිග සින්දු තමය් "සරා ගොය්‍යා හරි මිනිහා", "අශ්වය ගෝං ටික් ටික් ටික්", "බිලිදා නැලවෙ උකුලේ"

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 Před rokem

      Ehema geethati godak thiyenawa purthugeesi kaaraya sinhala jathiya lowababale buddan saranam gachchami wage thawa geethati bohomayak thiyenawa

    • @user-nv6wk9zz4t
      @user-nv6wk9zz4t Před 4 měsíci

      😢6🎉4ය

  • @jayathissajayathissa3088

    ඇත්තටම මෙවැනි මධුර ගිත අසන්නටත් පින්කර න්න ඔින මෙම ගිත අසන විට සිතට හරිම සැනසිමක් දැනෙනව ඒවගේම යුග යුග ගිත සියල්ලෙහිම අපේ පැරණි ගිතවල රසවත් බව කිවනොහැකි සුන්දරත්වයක් වගේම සැනසිලිදායක බවින් යුක්තයි ඒවගේම මෙවැනි වටිනා ගිත මතු පරපුරට අසන්නට සැලැස්විම ගැන ඔබතුමාලට හදවතින්ම තුති මෙන්ම මහත්පින් අත්වෙිවා 🙏🙏🙏

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  Před rokem +1

      බොහොම ස්තුතියි සහ පින් සිදුවේවා ඔබතුමාටත්... මේ අදහස් දැක්වීම් අපිට ශක්තියක්..

  • @jayathissajayathissa3088

    ඇත්තටම මෙහි පසුබිමට දමන ලද ජායාරැපයත් හරිම තේරිමක් නෙතටත් සිතටත් හරිම පිුයජනකයි

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 Před 10 měsíci +2

    Real gentleman with golden voice.

  • @damithawijerathna2850
    @damithawijerathna2850 Před 3 měsíci +1

    Love this so much

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 Před 3 měsíci

    මේගීතය පටිගතවෙනවිට

  • @ranjitmaligaspe7075
    @ranjitmaligaspe7075 Před rokem +2

    I am sure nobody else would have sung this so beautifully like Latha

  • @chandrasenagurusinghe9649

    ඉතිහාසය වෙනස් කල සිංදු මා ඉතාමත්ම ආදරේ කල ගීතයක් ඉස්කෝලෙ කාලය අවසන්වැ තුරුණුවියට පත්වුනාට පස්සෙ මේ ගීතයේ අගේ වැඩිවුවා වගේ දැනෙනවා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Před 3 lety

      පරණ කතන්දරයක් මතක් උනා නේද?
      කෙල්ලන් ගෙන් බැනුම් අහ අහා පස්සෙන් ගිය හැටි.

    • @AthulaPremalal124-xy5bg
      @AthulaPremalal124-xy5bg Před 3 měsíci

      මෙි මියුරු ගීත සවනත වැකෙන විට අදටත් මට හි⁣තෙනවා මෙිගීත අහන්න මට ජීවිතය හුස්ම පොද මෙි මොහොතේ දීල මාව ජීවත් කරවාලු විශ්ව මාතාවනි ඔබට හදවතින්ම අනේක වාරයක් ස්තුතියි

  • @ayasmanthasamarakoon1209
    @ayasmanthasamarakoon1209 Před 2 měsíci +1

    Great

  • @dasunsathsara3886
    @dasunsathsara3886 Před 9 měsíci +1

    ඔය බැල්ම ඔය කැල්ම

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 Před 2 lety +6

    "Blooming lotus in the lake Blessing the heartiest love" Bliss is the ever youthful Voices of the respectable Duets. Bless to the LANKA MATHA bearing this divine Artists!

  • @MyShermila
    @MyShermila Před 7 lety +7

    ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ
    පුබුදාවි මල් මාගෙ නොඉඳුල් හිතේ........හරිම ලස්සනයි!

  • @nimalshantha2766
    @nimalshantha2766 Před 3 lety +9

    ධර්මදාස අයියගේ පිරිසිදු රත්තරන් හඩ. ඔබට නිවන් සුව පතමි !❤💚💜

  • @dayani4579
    @dayani4579 Před rokem +1

    Koi.tharam.lassanada.me.sindu.🙏❤🌷

  • @padmamalini6042
    @padmamalini6042 Před 2 lety +2

    Appreciate your great big effort 👍 👏 for publishing this " No Nasena" Gee.

  • @piyasiriwallavaththage5984

    Niyama song ekak

  • @sheshasriwick6644
    @sheshasriwick6644 Před 3 lety +2

    ඔය බැල්ම ඔය කැල්ම..මද සීත නලරැල්ල

  • @mahindahewapelandage6042
    @mahindahewapelandage6042 Před 2 lety +4

    Your vedio clips are excellent
    Songs are perfect with lyrics. I love them all coz they are original voices blended with beautiful music.

  • @zeenesa7134
    @zeenesa7134 Před 3 lety +5

    Such beautiful romantic song!! 🌷

  • @MokadaWunee-bo1tt
    @MokadaWunee-bo1tt Před 6 lety +15

    එදත් අදත් අහන්න පුළුවන්, කියන්න පුළුවන් ලස්සන ගීත.

  • @Dampekingdom
    @Dampekingdom Před 3 lety +9

    Memory goes back to dacades of years
    but still the nice feeling when hearing has
    not changed at all.. Great !! My sincere
    regards for UPLOADING for those enjoying..

  • @jayampathabeysinghe5567
    @jayampathabeysinghe5567 Před 2 lety +2

    Most talented Madam Latha Walpola at her best. Maestro Dharmadasa Walpola is excellent too. For me Madam Latha Walpola is the best singer in Sri Lanka. Madam Latha's expression of lyrics in her singing is brilliant. This is bliss. Long live Madam Latha Walpola.

  • @sanjeewabandara7202
    @sanjeewabandara7202 Před 27 dny +1

    ❤❤❤❤❤

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 Před 5 měsíci +1

    ❤❤💐💐🙏🙏

  • @pemasirisilva1990
    @pemasirisilva1990 Před 3 lety +2

    MeveniGeetha
    Walata
    Mama
    Harima
    Asai

  • @patdee4576
    @patdee4576 Před 3 lety +3

    ගම්මානේ පෙම් සිහිනේ එලිවී ඉතිං -ගීතයේ ආසම කොටස. අහිංසක ගැමි ආදරයක්..🎶🎶🎶. Upload කලාට තුතී.

  • @lalithperera7361
    @lalithperera7361 Před 3 lety +2

    ඉතාමත් වැදගත් මෙහෙයක්.. 👌👌❤️❤️

  • @nihalkatuwawala9337
    @nihalkatuwawala9337 Před 3 lety +4

    What a lovely duet...We can't imagine even...

  • @zeenesa7134
    @zeenesa7134 Před 3 lety +3

    The Most Beautiful Song written about L O V E. ever! ❤️🌷
    " නොකැළල්ය .... නොඉදුල්ය .... ප්‍රේමේ අපේ.... එය දන්න වන විල්හි මානෙල් පිපේ...."

  • @samanachanya1468
    @samanachanya1468 Před 5 lety +2

    Thawamath puduma lassana sindu

  • @manjulafonseka9029
    @manjulafonseka9029 Před 5 lety +2

    එදා ඇසුන ආදරනීය ආදර ගීතයක්
    ❤❤❤❤❤❤

  • @nimalshantha2766
    @nimalshantha2766 Před 3 lety +2

    superb song . nice singing.old is gold.

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 Před 5 lety +4

    It's a lovely song 🥀🌺🌹🌷

  • @chrishanthigomis749
    @chrishanthigomis749 Před 5 lety +3

    Thank you very much for sharing. This is the original song. I love this song.

  • @senakabandara8619
    @senakabandara8619 Před rokem +1

    Niyamai

  • @hewakaru
    @hewakaru Před 4 lety +4

    So beautiful voices.

  • @hewakaru
    @hewakaru Před 4 lety +4

    Very sweet and lovable voices. No one can beat them! Beautiful......

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f Před měsícem

    ❤❤❤❤❤❤

  • @palithajayamaha1062
    @palithajayamaha1062 Před 4 lety +3

    අතීතය සුන්දරයි ජිවිතේ පණ ඇති තුරා 🌹🌹💋🍾

  • @premadesoyza8934
    @premadesoyza8934 Před 5 lety +2

    Very beautiful lovely song.

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza Před 19 dny +1

    👒👒👒👒

  • @sadi3230
    @sadi3230 Před 6 lety +3

    Lovely song sweet voice of Latha Dharmadasa...

  • @jayarathnasilva6398
    @jayarathnasilva6398 Před 2 lety +1

    What I say. Excellent.

  • @srimathisamarakone8535
    @srimathisamarakone8535 Před 4 lety +4

    From the film "Kurulu badda" A favouriten song in my teens

  • @priyankadon9332
    @priyankadon9332 Před 5 lety +3

    old is Gold

  • @sryanisriyanix5020
    @sryanisriyanix5020 Před 4 lety +1

    වෙරි ගුඩ් ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sakalatv7001
    @sakalatv7001 Před rokem +2

    Good song.

  • @peshalagamhewa5580
    @peshalagamhewa5580 Před 4 lety +2

    very very nice

  • @noormundhan5237
    @noormundhan5237 Před 6 lety +2

    lassanai

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 Před 5 lety +2

    Harrima lassanai

  • @veranjankurukulasuriya5577

    This is the original song.....thank you for posting

  • @weeklybffs5708
    @weeklybffs5708 Před 7 lety +2

    Thank you so beautiful song

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 Před 2 lety +2

    Good.song

  • @virajsoysa
    @virajsoysa Před 5 lety +3

    Lovely song!!!!!

  • @chandanakarunadasa4085
    @chandanakarunadasa4085 Před 5 lety +1

    Lovely song ever lasting...thanks

  • @hewakaru
    @hewakaru Před 7 lety +2

    So beautiful .............

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 Před 3 lety +2

    Sundaram Saundera Athithaya

    • @zneeabb8106
      @zneeabb8106 Před 2 lety

      Puduma lassanak appa.me sindu surakina kattiyata okkotama wada pin sidda wenawa.

    • @zneeabb8106
      @zneeabb8106 Před 2 lety

      Kiysla wadak naha.

  • @sryanisriyanix5020
    @sryanisriyanix5020 Před 4 lety +1

    Sada ralla kri walla ithire giya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘

  • @pilanechaminda871
    @pilanechaminda871 Před 8 lety +2

    so beautiful song...thanks so much sharing original recording..

  • @visulashehan8054
    @visulashehan8054 Před 2 lety +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @jagathsiriegodagamage4851

    70 dashkaye ahapu Honda geeyak

  • @damayanthiherath5679
    @damayanthiherath5679 Před 5 lety +1

    Thank, u

  • @hewakaru
    @hewakaru Před 6 lety +3

    i was madly in love with Mr Dharmadasa Walpola's voice as a child. Thank you for posting this lovely song.

  • @priyanganipathirana7814
    @priyanganipathirana7814 Před 6 lety +2

    Hating lasana geethyak

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 Před rokem +1

    Saqaa haqehi rAqena githa qarmaqaasa mahathaag3

  • @zeenesa7134
    @zeenesa7134 Před 3 lety +4

    Could you please post these two songs?
    1. “ Sanda Sonduriyage Gele .....
    Bandina Re Kaale ..”
    (film: Uda Rata Menike “ ) singers: Latha saha Dharmadasa Walpola
    2. “Jeewanaye Adaraye Mahimaya Thora “
    ( movie : Sujage Rahasa) Singers: Latha Saha Dharmadasa Walpola

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  Před 3 lety

      Here is "Jeewanaye Adaraye"
      czcams.com/video/g0J6-ojAni0/video.html

    • @zeenesa7134
      @zeenesa7134 Před 3 lety

      Thank you 🙏 so much for uploading this beautiful song. 🌷
      Is there any way that we could watch those two beautiful movies please?

  • @user-es4jd5eg4o
    @user-es4jd5eg4o Před 3 dny +1

    මේ චිත්‍රපටයේ එන කුරුළු රෑනකගෙ සමග්ය තියෙනවා හිතේ කියන ගීතය හොයා ගන්න පුලුවන්ද.

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  Před dnem

      "කුරුලු රෑනකගෙ සමගිය" ගීතය තියෙන්නේ "සිකුරු තරුව" චිත්‍රපටයේ.. මම ඒ ගීතය පළ කරලා තියෙනවා..මේ තියෙන්නේ ඒ ලින්ක් එක..
      czcams.com/video/6iktLulx9cc/video.htmlsi=xOMbLTIv6WrJuJXH

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 Před 2 lety +1

    කුරුලු bedda චිත්‍රපටye gee thanu nirmanaya Shelton Premarathna මහතා noveida?

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  Před 2 lety

      නැහැ, මුත්තුසාමි මාස්ටර්.. මේ චිත්‍රපටියේ අඩංගු ගීත 4 ම මුත්තුසාමි මාස්ටර්ගේ ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණ..

  • @siryanib9744
    @siryanib9744 Před 6 lety +1

    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐