Dolukanda Camping | බුද්ධදාස රජතුමාගේ ඔසු උයන වූ දොළුකන්ද | Cooking Pork Stew + Chicken & Fish BBQ

Sdílet
Vložit
  • čas přidán 18. 11. 2021
  • රාමා රාවණා යුද්ධයේදී රාවණාගේ පහරකින් තුවාල ලබූ රාමාට, ප්‍රතිකාර සඳහා ඖෂධ ගෙන ඒමට හිමාලය කරා ගිය හනුමාට, ඖෂධ වර්ගය අමතක වීම හේතුවෙන් හිමාල කන්දේ කොටසක් රැගෙන ආ බවත් එම රැගෙන ආ කොටස කොටස් පහක් ලෙස ලංකාද්වීපයට පතිත වූ බවත් ඒවා රූමස්සල, රිටිගල, කච්චතිව්, තල්ලඩි හා දොලුකන්ද බවත් ජනප්‍රවාද වල සඳහන් වේ. එසේම එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් බුද්ධදාස රජුගේ ඖෂධ උද්‍යානයක් ලෙසද පැරැන්නන් හඳුන්වනු ලබන දොලුකන්ද හිමාල වනයට සම්බන්ධ වනරාජ, නාගරාජ, ගුරුලුරාජ, හිරුරාජ හා ගරුඬරාජ ආදී රාජ පහට අයත් ඖෂධ ශාක වලින් ගහණ වූ වන සංරක්ෂණ කලාපයක් බව වර්තමානයේ තහවරු වී ඇත.
    වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති දොලුකන්ද වෙත මාර්ග දෙකකින් ලඟාවිය හැක. එහි එක් මාර්ගයක් වන්නේ කුරුණෑගල සිට දඹුල්ල මාර්ගයේ ගොස් මුත්තෙට්ටුගල හංදියෙන් වැල්ලව ගනේවත්ත මාර්ගයෙන් දොලුකන්ද පන්සල වෙත ලඟා වී ඒ හරහා දොලුකන්ද තරණය කිරීමයි. අනෙක් මාර්ගය ලෙස කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගොස් ඉබ්බාගමුවෙන් හැරී මඩගල්ල මාර්ගයේ ගොස් ගොඩගාල හංදියෙන් බැස මනරම් වෙල්‍ යාය අතරින් දොලුව ගම්මානයට පිවිස දොලුකන්ද තරණය ආරම්භ කළ හැක.
    ගමන ආරම්භක ස්ථානයේ සිට පැය තුනකට ආසන්න කාලයක් තුළ ගල් තලාවල් හා මිදූමෙන් වැසුනු ලඳු කැලෑ පසුකරමින් මුදුන වෙත ලඟා විය හැක. කඳු මුදුනේ දර්ශනය නෙත් මවිත කරවන සුන්දර දසුනක් වන අතර කුරුණෑගල වාරියපොළ ද අනෙක්පසින් ගනේවත්ත, වැල්ලව, දැදුරු ඔය ජලාශය, යක්දෙස්සාගල කන්ද මෙන්ම පැහැදිලි දිනයකදී හලාවත දෙසින් මහ මුහුද ද දර්ශනය වේ.
    දොලුකන්ද මුදුනේ රාත්‍රියක් ගත කිරීමට යෝග්‍ය ස්භාවික ගල් ගුහාවක් පිහිටා ඇත. එහෙත් සංවේදී පරිසර කලාපයක් වන හෙයින් පරිසරයට හානියක් නොවන සේ රාත්‍රිය ගත කිරීමට වගබලා ගත යුතුය. මුදුනෙන් මදක් පහලට වන්නට ගමනේ විඩා නිවාගැනීමට මෙන්ම භාවිතයට ජලය ගැනීම සඳහාද පිරිසිදු ජල පහරක් ගලා බසියි. වර්ෂාව ඇති සමයක එය සක්‍රීයව ගලාබසින බව මගපෙන්වන්නාගෙන් අපහට දැනගන්නට ලැබුනි. එසේ නොමැති වුවත් ගුහාව පිටුපස ඇති උල්පතක් මගින් පිරිසිදු ජලය ලබාගත හැකි හෙයින් පහළ සිට ජලය උඩට ගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැත.
    ලංකා ඉතිහාසයට අනුව බුද්ධදාස රජ දවස රජ මාලිගයක් දොලුකන්දේ ඉදිකර තිබූ බවත් මෙම කඳු මුදුන ලඟාවීමට අපහසු ගිරි දුර්ගයක් වන හෙයින් බුද්ධදාස රජුගේ ධනයෙන් විශාල කොටසක් මෙහි නිධන්ගත කර ඇති බවත් ඉතිහාසයේ දැක්වේ. ඒ බව සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක සාධකද මෙම භූමිය පුරා විසිරී තිබීම හේතු කොටගෙන නිධන් හොරුන්ගේ ද ප්‍රබල බලපෑමකටද මෙම භූමිය නතුව ඇත.
    පෙර සඳහන් කර සේම දොලුකන්ද සංවේදී පරිසර කලාපයක් වන හෙයින් මෙහි සංචාරය කරන ඔබ පා සටහන් පමණක් ඉතිරි කර ප්ලාස්ටික් පොලිතින් වැනි කැළිකසළ බැහැර කිරීම් වලින් තොරව සංචාරය කිරීම මෙම සුන්දර පරිසර පද්ධතිය මතුවටත් ආරක්ෂා කරනු ඇත.
    𝗘𝗻𝗷𝗼𝘆 𝗧𝗵𝗲 𝗩𝗶𝗱𝗲𝗼 !
    ɪꜰ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴡᴀᴛᴄʜ ᴍᴏʀᴇ ᴏꜰ ᴏᴜʀ ᴠɪᴅᴇᴏꜱ, ꜱᴜʙꜱᴄʀɪʙᴇ ᴏᴜʀ ᴄʜᴀɴɴᴇʟ ɢɪᴍᴀ ʙʀᴏ - ᴛʀᴀᴠᴇʟʟᴇʀ ᴀɴᴅ ʜɪᴛ ᴛʜᴇ ʙᴇʟʟ ʙᴜᴛᴛᴏɴ ᴛᴏ ᴛᴜʀɴ ᴏɴ ᴛʜᴇ ɴᴏᴛɪꜰɪᴄᴀᴛɪᴏɴꜱ.
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Commet
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...
    𝗙𝗶𝗻𝗱 𝘂𝘀 𝗼𝗻 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 & 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺
    facebook - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
    / gimabr
    instagrame - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
    / gima_bro_traveller
    𝑀𝑜𝓇𝑒 𝒱𝒾𝒹𝑒𝑜𝓈
    𝗬𝗔𝗛𝗔𝗡𝗚𝗔𝗟𝗔 - 𝗙𝗲𝗮𝗿 𝗼𝗳 𝗱𝗲𝗮𝘁𝗵 𝗰𝗮𝗺𝗽𝘀 𝗮𝘁 𝗻𝗶𝗴𝗵𝘁
    • Yahangala camping, රාව...
    𝗡𝗨𝗪𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 - 𝗧𝗵𝗲 𝗛𝗶𝗱𝗱𝗲𝗻 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 𝗼𝗳 𝗞𝗶𝗻𝗴 𝗦𝗮𝗱𝗱𝗵𝗮𝘁𝗶𝘀𝘀𝗮
    • Nuwaragala camping ⛺️,...
    𝗞𝗢𝗡𝗗𝗔𝗚𝗔𝗟𝗔 - 𝗜𝘁 𝗶𝘀 𝘁𝗵𝗲 𝗳𝗶𝗿𝘀𝘁 𝘁𝗲𝗮 𝗲𝘀𝘁𝗮𝘁𝗲 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
    • Kondagala mountain / C...
    𝗕𝗘𝗟𝗟𝗪𝗢𝗢𝗗 - 𝗖𝗮𝗺𝗽 𝗮𝗯𝗼𝘃𝗲 𝘁𝗵𝗲 𝗰𝗹𝗼𝘂𝗱𝘀
    • Bellwood Night camping... පුරාවෘත ගණනාවක නිජබිම - "දොලුකන්ද" ▪️
    •••••
    ✍ 𝗗𝗼𝗹𝘂𝗸𝗮𝗻𝗱𝗮 𝗠𝗼𝘂𝗻𝘁𝗮𝗶𝗻 𝗛𝗶𝗸𝗲 & 𝗰𝗮𝗺𝗽𝗶𝗻𝗴
    Dolukanda is a well known mountain range due to the Dolukanda Raja Maha Viharaya [Dolukanda Buddhist Temple] and it is believed that the mountain is directly linked to the great Indian epic, Ramayana Trail in Sri Lanka . In Ramayana story this mountain declared as Dolukada Sanjeewani mountain.This is one of the five Sanjeevani drops in Sri Lanka which located in Kurunegala District. This is one of the popular Ramayana sites of Sri Lanka , where it is believed that the parts of Himalaya Mountain have been felt while it was carried to Sri Lanka by Hanuman.
    Sanjeewani in Hindu mythology is a magical herb with super natural powers which of them considered be growing at dark and believing to cure any disease. This mountain or important site of Ramayana tour in Sri Lanka is situated in Hiripitiya village which is located about 20 KM north of the district capital of Kurunegala.

Komentáře • 188